කොවිඩ් ආසාදනය වූ ඇමති පියල් නිශාන්තත් ධනපාල පැණිය පානය කළ අයෙක්

කොවිඩ් ආසාදනය වූ ඇමති පියල් නිශාන්තත් ධනපාල පැණිය පානය කළ අයෙක්

18 January 2021 04:15 pm

කොවිඩ් - 19 වෛරසය ආසාදිත බවට අද (18) දිනයේ තහවුරු වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද කෑගල්ලේ ධම්මික බණ්ඩාර නොහොත් ධනපාල නම් කපු මහතෙකු විසින් කාලි මෑණියන්ගේ උපදෙස් අනුව නිර්මාණය කළ බව පවසන කොවිඩ් මර්දන පැණිය පානය කළ අයෙකි. 

පසුගිය දෙසැම්බර් 10 වෙනිදා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් එම කපු මහතාව පාර්ලිමේන්තුවට කැඳවාගෙන විත් එම පැණීය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිළිගන්වා තිබුණු අතර එහිදී පියල් නිශාන්ත මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම එම පැණිය පානය කර තිබිණි. එම අවස්ථාවේ ලබාගෙන සමාජ මාධ්‍ය ජාල තුළ පළ කෙරුණු ඡායාරූපය පහතින් දැක්වේ. 

මෙකී ව්‍යාජ පැණිය ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ඉහළින්ම සැපයූ ඇමතිවරුන් දැන් කියන්නේ මොනවාදැයි දැනගැනීමට අප කැමතිය.