මයික් පොම්පියෝ අගමැති මහින්දව හමු නොවුණේ ඇයි ?

මයික් පොම්පියෝ අගමැති මහින්දව හමු නොවුණේ ඇයි ?

29 October 2020 05:07 pm

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව මුණ නොගැසීම මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ. 

පොම්පියෝ මහතාගේ සංචාරයට පෙර මෙරට සෑම මාධ්‍යයක්ම පාහේ වාර්තා කර තිබුණේ ඒ මහතා සිය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව, අගමැති මහින්ද රාජපක්ෂ මහතාව සහ විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාව මුණ ගැසී සාකච්ඡා පවත්වනු ඇති බවකි. 

මීට සති කිහිපයකට පෙර මෙරට සංචාරය කළ චීන විශේෂ දූත පිරිස ද ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයාව ද මුණ ගැසී තිබිණි.

කෙසේවෙතත් අවසානයේ මයික් පොම්පියෝ මහතා මහින්ද රාජපක්ෂ මහතාව මුණ ගැසී තිබුණේ නැත. එසේම ඊට හේතුවක් ද කිසිදු පාර්ශ්වයක් විසින් ප්‍රකාශයට පත්කර තිබුණේ ද නැත. 

ඒ අනුව 20 වැනි සංශෝධනයේ ආදීනව දැන්ම අග්‍රාමාත්‍යවරයා වෙත ලැබෙමින් තිබෙන්නේද යන්න දේශපාලන ක්ෂේත්‍රය තුළ බරපතළ ලෙස සාකච්ඡාවට භාජනය වී ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ. 

RN