20 ගැන මෛත්‍රී ජනපතිට ලියූ ලිපිය ලීක් කළේ PB ද ?

20 ගැන මෛත්‍රී ජනපතිට ලියූ ලිපිය ලීක් කළේ PB ද ?

21 October 2020 10:49 pm

හෘදසාක්ෂියට එකඟව තමන්ට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දිය නොහැකි බව පවසමින් හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ ලිපිය දේශපාලන ක්ෂේත්‍රය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ. 

මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකු අතර විවිධ සාකච්ඡා පැවැත්වී ඇති අතර තවත් පිරිසක් උත්සුක වී ඇත්තේ මෙම ලිපිය මාධ්‍ය වෙත ලැබුණු ආකාරය සොයාගැනීමටය. 

මෙහිදී බහුතරයකගේ ඇඟිල්ල දිගු වී ඇත්තේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙම ලිපිය පිළිබඳ තොරතුර ලීක් වීමට ඇති එකම තැන ජනාධිපති ලේකම් කාර්යාලය බවකි.

කෙසේවෙතත් අපට නම් සඳහන් කරන්නට ඇත්තේ අප මීට පෙර වතාවක පැවසූ පරිදි බදූර්දීන්ගේ සැඟව සිටීමට ධනසිරි අමරතුංගගේ සම්බන්ධයක් නැතුවා සේම මෛත්‍රීගේ ලිපිය ලීක් වීමට ද පී.බී. ගේ සම්බන්ධයක් කොහෙත්ම නොමැති බවයි

RN