කැබිනෙට්ටුවේ කොන්ද පණ නැති ඇමතිවරුන්ට ජනපති කදිම පාඩමක් ඉගැන්නුවා - පතිරණ

කැබිනෙට්ටුවේ කොන්ද පණ නැති ඇමතිවරුන්ට ජනපති කදිම පාඩමක් ඉගැන්නුවා - පතිරණ

20 September 2020 08:48 am

20 වන සංශෝධනයෙහි අයිතිය අතහැරි සියලුම කැබිනට් ඇමතිවරුන්ට සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කදිම පාඩමක් උගන්වා ඇති බවත් කරුණත් විවාදපන්න වන විට ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳව විමල් වීරවංශ, ගෙවිඳු කුමාරතුංග, අලි සබ්‍රි වැන්නන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉගෙනගත යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු වන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා අවධාරණය කරයි. 

ඒ මහතා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.