ජනවාරි දක්වා නායකයා රනිල්. මොන වසරේ ජනවාරිදැයි කිසිවෙක් නොදනී !!

ජනවාරි දක්වා නායකයා රනිල්. මොන වසරේ ජනවාරිදැයි කිසිවෙක් නොදනී !!

12 August 2020 02:14 pm

එක්සත් ජාතික පක්ෂය තුළ මේ වනවිට උද්ගතව ඇති තත්වය සහ නායකත්වය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් පිළිබඳ ගැඹුරින් සලකා බැලීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජනවාරි මාසය තෙක් නායකත්වයෙන් ඉවත් නොවී සිටීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 

පක්ෂයට ලැබී ඇති එකම මන්ත්‍රී ධුරය බාරගන්නා ලෙස ද බොහෝ පිරිසක් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීම් කර ඇති අතර ඒ පිළිබඳව ද සලකා බැලීමට ඒ මහතා සූදානමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

ජනවාරි මාසය තෙක් නායකත්වයෙහි රැඳෙන බව පැවසුව ද ඒ 2021 ජනවාරිදැයි අසා ගැනීමට කිසිවකුටත් නොහැකි වී ඇති නිසා එය 2023 ජනවාරි හෝ 2030 ජනවාරි වන්නටත් බැරි නැති බවට ද පක්ෂය තුළ කතාවක් පැතිර යමින් පවතී. 

රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වීමට මුලින් ගත් තීරණය වෙනස් කර ඇත්තේ ඔහුට වඩා ඉහළ බලධාරියෙකුගෙන් කෙරුණු ඉල්ලීමක් අනුව බවට කතාවක් ද එජාපය තුළ තැනින් තැන කියවේ. එකී බලධාරියා පක්ෂයටත් වඩා ලැදියාවකින් යුතුව වික්‍රමසිංහ මහතාව වසර ගණනාවක් තිස්සේම රැකගත් බවත් ඒ කතාවලින් කියැවේ.