එජාපයේ එකම මන්ත්‍රී ධුරයට රනිල්. මැතිවරණ පරාජයට හේතු සෙවීමට කමිටුවක් ?

එජාපයේ එකම මන්ත්‍රී ධුරයට රනිල්. මැතිවරණ පරාජයට හේතු සෙවීමට කමිටුවක් ?

7 August 2020 07:10 am

එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති එකම පාර්ලිමේන්තු නියෝජනය වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව නම්කිරීමට සූදානම් බව ආරචිමාර්ග පවසයි. 

ලැබී ඇති එකම මන්ත්‍රී ධුරය වෙනුවෙන් අභ්‍යන්තර ආරවුලක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙසේ පක්ෂ නායකයාට එම තනතුර ලබාදීමට තීරණය කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

එසේම මෙවර මහමැතිවරණයෙන් ලද අති දැවැන්ත පරාජයට හේතු සෙවීම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට ද නියමිත බව වාර්තා විය. 

එක්සත් ජාතික පක්ෂයට කිසිදු ප්‍රතිසංවිධානයක් අවශ්‍ය නොවන බව එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක වජිර අබේවර්ධන මහතා ඊයේ (06) දිනයේදීම මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි. 

පක්ෂ සම්මේලනය විසින් පසුගිය වසරේදී සම්මත කරගත් යෝජනාව අනුව එජාප නායකත්වයෙහි වෙනසක් පිළිබඳ සලකා බැලිය හැක්කේ 2023 වසරේදීය.