RMV තොරතුරු තාක්ෂණ ලොක්කාට විෂය ගැන දැනුමක් නැතිලු !

RMV තොරතුරු තාක්ෂණ ලොක්කාට විෂය ගැන දැනුමක් නැතිලු !

6 June 2020 08:51 am

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන තුෂාර සුරවීර නමැත්තාට තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් කිසිදු උපාධියක් නොමැති බව හෙළිවී තිබේ. 

ඒ, පසුගියදා පැවති සාකච්ඡාවකදී ය. එහිදී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරියකු ඔහු ලබා ඇති උපාධිය සම්බන්ධයෙන් විමසා ඇති අතර ඔහු තමන්ට ඇත්තේ විද්‍යාවේදී සාමාන්‍ය උපාධියක් පමණක් බව පවසා තිබේ. 

ඒ අනුව අදාළ නිලධාරියා විමසා ඇත්තේ එසේ නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතනයක තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා ලෙස වැදගත් තීරණ ගන්නේ කෙසේද යනුවෙනි. ඔහු ඊට නිරුත්තරව ඇත. 

ඊ - මෝටරිං සේවා ව්‍යාපෘතිය, වාහන අංක තහඩු ටෙන්ඩරය, රියදුරු බලපත්‍රය ටෙන්ඩරය දීර්ඝ කිරීම ආදී තොරතුරු තාක්ෂණ සේවා රැසක ප්‍රධානත්වය ගෙන ඔහු කටයුතු කර ඇත්තේ ඒවා සම්බන්ධයෙන් කිසිදු සුදුසුකමක් නොමැතිවය.