රූපවාහිනී සභාපතිනියට තර්ජන තියෙන්නෙ හවසට විතරයිලු !

රූපවාහිනී සභාපතිනියට තර්ජන තියෙන්නෙ හවසට විතරයිලු !

26 October 2019 04:16 pm

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මියගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් මේ දවස්වල මතුවෙලා. ඒ නිසා ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් රූපවාහිනී සංස්ථාවේ ආරක්ෂක අංශය විශේෂ වැඩපිළිවෙලක් දියත් කරලා.

ජනාධිපතිවරණයේදී රූපවාහිනිය පක්ෂග්‍රාහී කියලත් චෝදනා එල්ල වෙනවා. සමහර විට ඉනෝකාට තර්ජන එල්ල වෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති.

රූපවාහිනී සභාපතිනියට එල්ල වෙලා තියන තර්ජනයත් අමුතුම එකක්. ඉනෝකාට තර්ජන එන්නෙම ඉර බැහැගෙන යන වෙලාවට විතරයි. දවල්ට ඉනෝකට කිසි අවුලක් නෑ. සමහර විට ඉනෝකට තර්ජනය කරන අය, ඉනෝක‍ට ගේම දෙන්න බලාගෙන ඉන්න අය දවල් දවසම නිදාගන්න, හැන්දෑ වෙද්දි ඇක්ටිව් වෙන බලකායක් වෙන්න ඇති.

උදේට හඳපාන්ගොඩ තමන්ගෙ ගෙදර ඉඳලා නිළ රථයෙන් ‍‍කොළඹ ‍හතේ රූපවාහිනී සංස්ථාවට එන ඉනෝකට අතරමග කුරා කූඹියෙකුගෙන්වත් කිසි බාධාවක් නෑ. හැබැයි හැන්දෑ වෙද්දි ඉනෝකට තියන තර්ජන උත්සන්න වෙනවා.

උදේ නිදහසේ ගෙදර ‍එන ඉනෝකා හැන්දෑවට ආයෙ ගෙදර යන්නෙ රූපවාහිනී සංස්ථාවේ ආරක්ෂකයන් පිරිවර‍ාගෙන. සභාපතිනියගෙ නිළ රථය පිටුපසින් රූපවාහිනියෙ ආරක්ෂකයන් පිරිවරා ගත් වාහනයක් හඳපාන්ගොඩ නිවස දක්වාම ගමන් කරනවා. සභාපතිනියව ආරක්ෂිතව නිවසට ඇරලලා ආරක්ෂ‍කයො ආයෙත් කොළඹ හතේ රූපවාහිනී සංස්ථාවට එනවා.

මැතිවරණයෙදි පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් රූපවාහිනයට එල්ල වන චෝදනා බරපතලයි කියලා තමයි වාර්තා වෙන්නෙ. ඒ චෝදනාවෙන් නිදහස් වෙන්න ‍ඉනෝකා ගහන හැම ගැටයක්ම අපතේ ගිහින්. මේ යන විදියට නං ඉනෝකාට මහ දවාලෙත් තර්ජන එල්ල වෙන්න බැරි නෑ.

ඒක නිසා හෙට අනිද්දා වෙනකොට උදේටත් රූපවාහිනියේ ආරක්ෂක අංශයට හොරණ හඳපාන්ගොඩට ගිහින් සභාපතිනියව ආරක්ෂිතව කැන්දගෙන එන්න වෙයිද කියන්නත් බැරි නෑ.