මහේෂ්ගේ සිංහල ඡන්ද කැඩීමට සරත් වීරසේකර එවන සැලැස්මක්

මහේෂ්ගේ සිංහල ඡන්ද කැඩීමට සරත් වීරසේකර එවන සැලැස්මක්

6 October 2019 09:39 am

ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ජාතික ජනතා පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතාට ලැබීමට නියමිත ඡන්ද ප්‍රමාණය බෙදීමේ අරමුණින් යුතුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපෘතියෙහි ආරම්භ සාමාජිකයකු වන සිවිල් ආරක්ෂක බලකායේ හිටපු ප්‍රධානී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. 

එසේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම සඳහා අවශ්‍ය වන පාර්ලිමේන්තු සහතිකය මීට දින කිහිපයකට පෙරදීම සරත් වීරසේකර මහතා විසින් ලබාගෙන තිබිණි. 

විශේෂයෙන් සිංහල ඡන්ද මත පමණක්ම පදනම් වෙමින් පොහොට්ටුව ගෙනයන ඡන්ද ව්‍යාපාරයට මහේෂ් සේනානායක මහතාගේ දේශපාලන ගමන සැලකියයුතු බලපෑමක් ඇති කරනු ඇතැයි පොහොට්ටුව ගණන් බලා තිබේ. 

මෙය බැලූ බැල්මට යම් හාස්‍යජනක තත්වයක් ලෙස පෙනුනද මහේෂ් සේනානායක මහතා ඉලක්ක කරගනිමින් පොහොට්ටු ක්‍රියාකාරිකයින් එල්ල කරන දැවැන්ත ප්‍රහාරය දෙස බලන කල ඔවුන් මෙය බැරෑරුම් ලෙස සලකන බව මනාව පෙන්නුම් කෙරේ. 

කෙසේවෙතත් මේ සම්බන්ධ අවසන් තීරණය ඉදිරි පැය දෙක තුළ ගැනෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.