ගෝඨාටත් මහින්දගේ ලෙඩේ තදින්ම බෝවෙලා !

ගෝඨාටත් මහින්දගේ ලෙඩේ තදින්ම බෝවෙලා !

22 September 2019 08:40 am

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුගාමිකයින් ඔහුව හඳුන්වන්නේ "21 වැනි සියවසට ශ්‍රී ලංකාව ගෙනයන නායකයා" වශයෙනි. විද්‍යාත්මක දැක්මක් මත දියුණු තාක්ෂණය ද සමඟ රට ඉදිරියට ගෙන  යාමට තමන්ට සැලසුම් සහ හැකියාව ඇති බව පෙන්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ද ප්‍රබල උත්සාහයක නිරත වෙමින් සිටී. 

එහෙත් මෙහි සැබෑ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් එකක් බවයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීප ආරංචිමාර්ග සඳහන් කරන්නේ. 

21 වැනි සියවසට යනවා තියා අල්ලපු ගෙදරට යන්නත් ගෝඨාභය රාජපක්ෂ මහතා මඟට බසින්නේ අනුරාධපුරේ මෑණියෝ හෙවත් අනුරාධපුරේ ඥානා අක්කා ලෙස ප්‍රසිද්ධ සාත්තර කියන කාන්තාව විසින් සකස් දෙන වේලාවල් අනුවය. 

ඥානා අක්කාගේ සම්බන්ධීකරණ නිලධාරීයා ගම්මන්පිල 

ගෝඨා අනුරාධපුරේ ඥානා අක්කාගේ දැඩි බැතිමතෙකු වී සිටින අතර මීට කලකට පෙර නිතරම ඇයගේ දේවාලයට ගොස් ඇත. ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් වීමෙන් අනතුරුව ප්‍රසිද්ධියේ ඇයගේ දේවාලයට යාමට නොහැකි නිසා මේ දිනවල ගෝඨා වෙනුවෙන් ඥානා අක්කාගේ දේවාලය සමඟ සියලු සම්බන්ධීකරණ කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසිනි. 

පක්ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන්, දක්ෂයින් සිටියදී ගම්මන්පිල ගෝඨාගේ සමීපතමයකු වීමේ රහස එයයි. 

ගම්මන්පිල සතියකට කිහිපවතාවක්ම ඥානා අක්කාගේ දේවාලය කරා යන අතර ලැප්ටොප් පරිගණකයක් ද තබාගෙන ඔහුගේ සියලු කාර්යාලීය කටයුතු ද ඒ දිනවල කරන්නේ එහි සිටිය. ඇතැම් අවස්ථාවල ඔහු රාත්‍රිය ගත කරන්නේ පවා ඥානා අක්කාගේ දේවාලයේය. 

ගෝඨා මිත්‍යාවෙනුත් මහින්දට දෙවැනි නෑ 

අතේ කරේ විවිධ යන්ත්‍ර, සුර පළඳාගෙන, යන යන තැන වශී බෝල කරකවමින්, විවිධ යාග හෝම සිදුකරවමින් දැඩි ලෙස මිත්‍යාවෙහි ගැළී සිටි නායකයකු වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකටය. ඔහු වසර දෙකක් කලින් ජනාධිපතිවරණයක් පවත්වා තමන්ගේ බලය පවා අහිමි කරගත්තේ ජ්‍යෝතිෂ අනාවැකියකට රැවටීමෙන් බව රටම දන්නා කරුණකි. 

රාජපක්ෂ කඳවුරෙන් මහින්දගේ අනුප්‍රාප්තිකයා ලෙස ඉදිරියට එන ගෝඨා ද මහින්දට දෙවැනි නොවන මට්ටමෙන්ම මිත්‍යාවෙගි ගිලී සිටින බවයි ඔහුගේ සමීපතම ආරංචිමාර්ග වාර්තා කළේ.