දෙරණේ දිලිත්ට මහින්ද රාජපක්ෂගෙන් බැණුම් වරුසාවක් !

දෙරණේ දිලිත්ට මහින්ද රාජපක්ෂගෙන් බැණුම් වරුසාවක් !

21 August 2019 07:14 am

දෙරණ මාධ්‍ය ජාලයෙහි සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතා යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිශය සමීපතම මිතුරෙකු මෙන්ම ඒ මහතාගේ දේශපාලන ව්‍යාපෘතියේ ඉහළම තලයේ ක්‍රියාත්මක වන සාමාජිකයෙකි. 

ඇතැමුන්ට අනුව නම් මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතාව තමන්ගේ වචනයකට අවනත කරගෙන පාලනය කරගත හැකි එකම පුද්ගලයා වන්නේ ද දිලිත් ජයවීරය. 

ඒ අනුව දිලිත් ජයවීර මේ දිනවල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේ නිතර දක්නට ලැබෙන චරිතයකි. 

කෙසේවෙතත් පසුගිය දිනක මේ ආකාරයෙන් දිලිත් ජයවීර පැමිණ සිටිනු දුටු මහින්ද රාජපක්ෂ මහතා සියල්ලන් ඉදිරියේ එක්වරම ඔහුට බැනවදින්නට පටන්ගෙන තිබේ. බැන වැදුණු හේතුව ද අපූරු එකකි. 

"ආහ්, තමුසෙ දැන් පත්තරේකුත් පටන් අරන් නේද ? ඒ වුණාට මට පත්තරයක් එවන්න බෑ ? තමුසෙ හැම එකාටම පත්තර යවනවා මට තමයි පත්තරයක්වත් එවන්නෙ නැත්තෙ. මොකද්ද ඕයි මේකෙ තේරුම" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා එකදිගට දිලිත් ජයවීර මහතාට බැනවැදී ඇත. 

දෙරණ ආයතනය "අරුණ" නමින් සිය පුවත්පත ආරම්භ කළේ මීට මාස කිහිපයකට පෙරය. ඇරත් සති අන්ත පුවත්පතක් යනු රුපියල් 100කට පමණ මිල වන්නකි. මහින්ද රාජපක්ෂ යනු රුපියල් 100ක් නිසා කාටවත් බැනවදින චරිතයක් නොවේ. 

විශේෂයෙන් තමන්ගේම පක්ෂය වෙනුවෙන් වැඩිම ප්‍රචාරණයක් ලබාදෙන, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම රූපවාහිනී නාලිකාවේ ප්‍රධානියාට රුපියල් 100ක් නිසා ප්‍රසිද්ධියේ මුහුණටම බැනවදින්නට මහින්ද රාජපක්ෂ මහතාට හේතුවක් නැත. 

මෙය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපෘතිය නිසා සිදුවූ දෙයක්ද යන්න දන්නේ ඔවුන් දෙදෙනාම පමණි.