මරණ පහක් ඇති මිනිහෙක් පැණි කෑය ...

මරණ පහක් ඇති මිනිහෙක් පැණි කෑය ...

11 August 2019 01:27 pm

අද (11) දිනය ආරම්භ වී තිබුණේම දරුණු අපරාධයකින් ලේ වගුරුවමිනි. අද අළුයම 12.15ට පොල්ගහවෙල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවකු විසින් එහි පොම්පකරු වෙඩිතබා ඝාතනය කර තිබිණි. 

එසේම මඩකලපු - කල්මුණේ ප්‍රධාන මාර්ගයෙහි නාවට්කුඩාහි අද උදෑසන ලොරි රථ දෙකක් ගැටීමෙන් දෙදෙනෙකු මරුමුවට පත්ව ඇත. 

එමෙන්ම නිලාවේලි මුහුදු තීරයේ දිය නාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද අද උදෑසන දියේ ගිලී මියගොස් තිබේ. 

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත්වීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ද සූදානමින් සිටී. 

කෙසේවෙතත් දිනය ආරම්භයේ සිටම රට තුළ අසුබ ලකුණු පහළ වී ඇති හෙයින් ඉතාම නිවැරදිව, දශමයටම නිවැරදිව සුබ නැකත සහ සුබ දිශාව පිළිපදින ලෙසත් මෙම පෙරනිමිති නොසලකා හැරිය හැකි මට්ටමේ ඒවා නොවන බවත් පොහොට්ටුවේ ජ්‍යෝතිෂ්‍ය උපදේශකයින් විසින් එහි නායකත්වය තරයේ දැනුවත් කර ඇති බව වාර්තා විය.