පොහොට්ටුවේ කචල් : මාව වෙනුවට කාංචනව රුසියා යැව්වේ නාමල්ව මුරකරන්න - රංජිත්

පොහොට්ටුවේ කචල් : මාව වෙනුවට කාංචනව රුසියා යැව්වේ නාමල්ව මුරකරන්න - රංජිත්

9 July 2019 06:26 am

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ රැස්වීමක් සඳහා රුසියාවට යෑමට ලැබුණු අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් තමන් වෙනුවට කාංචන විජේසේකර මන්ත්‍රීවරයාව ඊට සහභාගී කරවූයේ නාමල් රාජපක්ෂ මහතාව මුරකිරීම සඳහා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි. 

තමන්ගෙන් මෙම සංචාරයට සහභාගී වන ලෙස ඉල්ලීමක් කළත් තමන් එය තරයේ ප්‍රතික්ෂේප කළ බව ද ඒ මහතා සඳහන් කළේය. තමන්ගෙන් දෙවතාවක්ම විදෙස් ගමන් බලපත්‍රය ඉල්ලා සිටි නමුත් තමන්ට හැකි අවස්ථාවක රුසියාවට යන බවත් මේ සංචාරය නම් අවශ්‍යම නැති බවත් පවසමින් තමන් එය ප්‍රතික්ෂේප කළ බවයි ඒ මහතා පැවසුවේ.

"මුරකාරයෙක් යන්න එපැයි ඉබ්බා දාලා යතුර අතේ තියාගෙන ඉන්න" යනුවෙන් ඒ මහතා පැවසීය. 

රංජිත් සොයිසා මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට පෙර තම හිතවතුන් සමඟ අදහස් දක්වමිනි. 

RN