මල්ලි ඌ හොඳ එකා. ශේප් කරලා දාපං බං - රත්ගම ඝාතනයට අදාළව ඇමතුමක් !

මල්ලි ඌ හොඳ එකා. ශේප් කරලා දාපං බං - රත්ගම ඝාතනයට අදාළව ඇමතුමක් !

7 March 2019 08:11 am

බස්නාහිර පළාතේ සිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියකුට දුරකථන ඇමතුමක් ගෙන තිබේ. කතාවට මාතෘකාව වී ඇත්තේ රත්ගම, බූස්ස ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඝාතනයට සම්බන්ධ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනය.

 

රවී විජේගුණවර්ධන වෙනුවෙන් කතා කරමින් අදාළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා CID නිලධාරියාට ප්‍රකාශ කර තිබුණේ, "මල්ලි ඕකා හිත හොඳ එකා. ඔය නොදන්නකමට ගිහින් මොකක් හරි පටලා ගන්න ඇති. අපි අපි ඔක්කොම පොලිස්කාරයොනෙ බං, ඔන්න ඕක ශේප් කරලා දාහං" යනුවෙනි.

එහිදී CID නිලධාරියා "බොස්, බොස්‍ට මතකද අර කුරුණෑගල රොබරියකදි අපෙ SI කෙනෙක්ට වෙඩි තියලා මරපු සීන් එක ?" යනුවෙන් විමසා ඇති අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා "ඔව්, ඔව්" යනුවෙන් පිළිතුරු දී ඇත.

"ඒකෙදි බොස්, වෙඩි තිබ්බ එකා වෙඩි තියන්න පැය බාගෙකට කලින් ඩ්‍රින්ක් එක දදා ඉඳලා තියෙන්නෙ බොස් ඔය කියන හා පැටියා එක්ක. පස්සෙ වෙඩි තිබ්බ එකාවත් පොලිසියෙන් වෙඩි තියලා මැරුවා තමයි, ඒත් මෙව්වා දිගින් දිගටම අහගෙන ඉන්න ගියාම අපි නිකම් ජෝකර්ලා වෙනවා නේද ?" යනුවෙන් CID ඉහළ නිලධාරියා යළි විමසා ඇත.

"හරි හරි බං. ඕවා මොනවා වුණත් ඌ හරි හොඳ එකා. අනික හෙට අනිද්දා පෙන්ශන් යන්නත් ඉන්නේ. ඒක නිසා ඔන්නෝක ශේප් කරලා දාහං" යනුවෙන් ජේ. නි. පො.වරයා යළි ඉල්ලා ඇති අතර CID නිලධාරියා දුරකථනය විසන්ධි කර තිබේ.

ප. ලි. -

මෙය සියලුම පොලිස් නිලධාරීන් වෙත අපෙන් කෙරෙන ආදරණීය දැනුම් දීමකි. මේ සියලුම නිලධාරීන්ගේ නම් ගම් අප දන්නා නමුත් මේ මොහොතේ ඒවා හෙළිකිරීමේ අදහසක් අපට නැත. කෙසේවෙතත් වර්තමානය වනවිට පවතින්නේ එදා පැවති පත්තර නොව සමාජ මාධ්‍ය ජාලාය. එහෙයින් රාජකාරියේදී අනවශ්‍ය පුද්ගලයින් වෙනුවෙන් අනවශ්‍ය මැදිහත්වීම් නොකොට කට පරෙස්සම් කරගන්නා මෙන් අපි ඉල්ලා සිටින්නෙමු.

සමාජ මාධ්‍ය ජාලා යනු සුළඟක් නොව මාරුතයක් බවත් සිහිපත් කරන්නෙමු.