පොඩි එකාගේ අවංක ආදරේ. ලොකු එවුන් දෙන්නා අපි වගේ !

පොඩි එකාගේ අවංක ආදරේ. ලොකු එවුන් දෙන්නා අපි වගේ !

10 January 2019 09:13 am

සිය බාල පුතණුවන් වන රෝහිත රාජපක්ෂගේ විවාහ මංගල උත්සවයට ආරාධනා කිරීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගොස් ඇත.

 

මහින්ද රාජපක්ෂ මහතා විසින් ආරාධනා පත්‍රය භාරදීමෙන් අනතුරුව එය කියවා බැලූ මෛත්‍රීපාල සිරිසේන මහතා, "මොකෝ මහින්ද මේ ලොකු කොල්ලෝ දෙන්නම ඉඳිද්දි පොඩි එකා බඳින්න හදන්නෙ ?" යනුවෙන් විමසා තිබේ.

"දන්නෙ නැද්ද මෛත්‍රී. පොඩි එකාට ඉතිං මේක විතරමයි. ඌට හම්බෙච්චි පළවෙනි කෙල්ල ඔය. ඌ පට්ට අවංකයි. ලොකු එවුන් දෙන්නා නම් ඉතිං මේ අපි වගේනෙ" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දී ඇත.

ඒ සමඟම දෙදෙනා මහ හඬින් සිනා සී ඇති අතර ජනාධිපතිවරයා පසුව පවසා ඇත්තේ විවාහ මංගල්‍ය පැවැත්වෙන ජනවාරි 24 වනදා තමන් දිවයිනෙන් බැහැරව සිටින බවයි.

"මට 24 නම් එන්න වෙන්නෙ නෑ. එදාට මං සිංගප්පූරුවේ. ඒත් හෝම් කමින් එකට මම එන්නම්" යැයි අවසාන වශයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.