නාමල් කුමාරගේ බිරිඳට ආරක්ෂාව දෙන්න පොලිසියේ පොරයක්

නාමල් කුමාරගේ බිරිඳට ආරක්ෂාව දෙන්න පොලිසියේ පොරයක්

5 December 2018 02:29 pm

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බව මාධ්‍ය හරහා හෙළිදරව් කළ නාමල් කුමාරට ඒ මහා හෙළිදරව්ව නිසාම පොලිස් ආරක්ෂාවක් ද හිමිවිය. සැබැවින්ම කියතොත් ඔහු මේවන විට සිටින්නේ විමර්ශන සම්බන්ධයෙන් පොලිසියටත් උපදෙස් දෙන මට්ටමේය.

 

මේ අතර එසේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කෙරුණු පොලිස් නිලධාරීන් නාමල් කුමාරගේ බිරිඳට ආරක්ෂාව ලබාදීම සඳහා එකිනෙකා පොරකන මට්ටමට පත්ව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අවසානයේ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර, මෙතෙක් ලැබුණු පොලිස් ආරක්ෂාව තවදුරටත් තමන්ට අවශ්‍ය නොවන බව දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.