මගේ ෆයිල් එකේ සාක්ෂි මම ඉස්සුවා - හිටපු අමාත්‍යාංශ ලේකම් කියයි

මගේ ෆයිල් එකේ සාක්ෂි මම ඉස්සුවා - හිටපු අමාත්‍යාංශ ලේකම් කියයි

1 October 2018 07:49 am

තමන්ට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) කළ විමර්ශනයේ තිබූ සාක්ෂි, තමන්ගේ හිතවතුන් ලවා අස්ථානගත කරවූ බව මහාමාර්ග අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. ප්‍රේමසිරි ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

 

පසුගිය රජය යටතේ මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාව සිටියදී ඔහු විසින් මහාමාර්ග ඉදිකිරීම් සහ අලුත්වැඩියාවන් වෙනුවෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගත් ණය මුදලකින් රුපියල් කෝටි 2,800ක් අවභාවිතා කරන ලද බවට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් විමර්ශන කටයුතු සිදු කෙරිණි. 2014 වසර අගභාගයේ ලබාගෙන තිබුණු මෙම ණය මුදලෙන් කොටසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදවා ඇති බවට ද චෝදනා එල්ල වී තිබිණි.

කෙසේවෙතත් විමර්ශන කටයුතුවලින් අනතුරුව නීතිපතිවරයා වෙත යවා ඇති වාර්තාවෙන් පුද්ගලයින් 60 දෙනෙකුගේ සාක්ෂි ඉවත් කරගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

ආර්. ඩබ්ලිව්. ආර්. ප්‍රේමසිරි මේ සම්බන්ධයෙන් තම හිතවතුන් පිරිසක් සමග පවසා ඇත්තේ "මගේ ෆයිල් එකේ සාක්ෂි මම සෙට් එකක් දාලා ඉස්සුවා" යනුවෙනි.

එසේම, වැඩිදුරටත් පාරම් බාමින් "මුංගේ මේ *කේ විශේෂ අධිකරණ ! ඔව්වා 100ක් දැම්මත් අපේ ගේම් අපි ගහනවා" යනුවෙන් ද ඔහු ප්‍රකාශ කර ඇත.