ඉන්දියාවේ කොරෝනා සුනාමිය - ගෙවුණු පැය 24ට නව ආසාදිතයින් 412,000 ඉක්මවයි

ඉන්දියාවේ කොරෝනා සුනාමිය - ගෙවුණු පැය 24ට නව ආසාදිතයින් 412,000 ඉක්මවයි

6 May 2021 07:50 pm

ඉන්දියාව තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් ගෙවුණු පැය 24ක කාලය තුළ වාර්තා වී තිබේ.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි එය දැක්වෙන්නේ 412,262ක්  ලෙසය.

මේ අතර ගෙවුණු පැය 24ක කාලය තුළ එරටින් මරණ 3980ක් වාර්තා වී ඇත. ඒ අනුව අඛණ්ඩව දින 09ක් පුරා කොවිඩ් 19 මරණ 3000 අභිබවා තිබේ. 

එරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 21,077,410ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර සමස්ත මරණ 230,168ක් ලෙස වැඩි වී තිබෙන බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත. 

මේ විට එරට දෙවන කොවිඩ් රැල්ල සුනාමියක් සේ රට වනසමින් තිබෙන අතර ගෙවුණු දින 30ක කාලය තුළ ආසාදිතයින් මිලියන 8.3ක් හඳුනා ගෙන ඇති බව සඳහන්. 

එමෙන්ම පසුගිය අප්‍රේල් 22 වැනිදා සිට දෛනිකව නව ආසාදිතයින් 3,00,000 ඉක්මවා හඳුනා ගනිමින් සිටියි. 

ASK