ඉන්දියාවේ කොරෝනා මදිවට ගිනි - කොවිඩ් ආසාදිතයින් සිටි ICU එකක ගින්නකින් 13ක් මියයයි

ඉන්දියාවේ කොරෝනා මදිවට ගිනි - කොවිඩ් ආසාදිතයින් සිටි ICU එකක ගින්නකින් 13ක් මියයයි

23 April 2021 05:14 pm

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රාදේශීය රෝහලක කොවිඩ් 19 රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටි දැඩි සත්කාර ඒකකයේ හට ගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 13ක් මිය ගොස් තිබේ. 

දැඩි සත්කාර ඒකකයේ වායූ සමීකරණයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් එම ගින්න හටගෙන තිබේ.

එම අවස්ථාවේදී දැඩි සත්කාර ඒකකයේ රෝගීන් 17 දෙනෙකු ප්‍රතිකාර ගනිමින් සිට ඇති අතර දිවි ගලවා ගත සිව් දෙනා වෙනත් රෝහල් වෙත මාරු කර යවා ඇති බව සඳහන්. 

මෙම රෝහල තුළ ප්‍රතිකාර කරන්නේ කොවිඩ් 19 රෝගීන්ට වන අතර රෝහලේ 70 දෙනකු ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඉන් 17 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිට ඇත. 

මේ අතර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාශික් දිස්ත්‍රික්කයේ සකීර් හුසෙයින් රෝහලේ ඔක්සිජන් නොමැතිකමෙන් තවත් ආසාදිතයින් 24ක් මියගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. 

මේ වන විට එරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් මිලියන 16 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එරට කොවිඩ් 10 මරණ ද  මරණ 18700 ඉක්මවා ඇත. 

ASK