ඉන්දියාවේ කොරෝනා සුනාමියක් - ඔක්සිජන් නොමැතිකමෙන් මිනිසුන් මියැදෙමින් සිටියි

ඉන්දියාවේ කොරෝනා සුනාමියක් - ඔක්සිජන් නොමැතිකමෙන් මිනිසුන් මියැදෙමින් සිටියි

23 April 2021 10:17 am

මේ වන විට ඉන්දියාවේ ඉතා බරපතල ලෙස පාලනයකින් තොරව කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීමත් සමඟ එරට සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ගොස ඇත්තේ ඔක්සිජන් පවා නොමැති කමෙනි.

අගනුවර වන දිල්ලි නුවරද මේ වන විට රෝහල දෙකක ඔක්සිජන් අවසන් වී ඇති අතර ඔක්සිජන් බලාපොරොත්තුවෙන් මිනිසුන් මියැදෙමින් සිටින බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ. 

දරුණු ඛේදවාචකයක ඉන්දියාව කොරෝනා හමුවේ මුහුණ දෙමින් සිටින බවත් දිල්ලිය සේම ගුජරාටි,උත්තර ප්‍රදේශ් සහ හර්යානා යන ප්‍රාන්ත තුළද දැඩි ඔක්සිජන් හිඟයක් පවතින බව සඳහන්. 

පවතින් ඔක්සිජන් ඉල්ලුමට සරිලන සැපයුමක් දීමටද නිෂ්පාදකින්ට නොහැකි වී තිබෙන්නේ පාලනය කරගත නොහැකි ඉල්ලුම නිසාවෙන් බවද දැක්වෙයි. 

ඒ අනුව මේ වන විට ඔක්සිජන් හිඟයකින් පෙළෙන ප්‍රාන්ත සම්බන්ධයෙන් ගත හැකි තීන්දු තීරණ ගැන ප්‍රාන්ත මහ ඇමතිවරුන් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සාකච්ජා කිරීමට නියමිත නමුත් මේ වන විටත් ඉන්දීය රජය ජනතාව හමුවේ දැඩි අර්බුදයකට පත්ව සිටියි. 

රෝහල් පරිශ්‍ර තුළ මෙන්ම මහ මඟ, ක්‍රීඩා පිට්ටනි තුළ රෝගී ජනතාව ඒකරාශී වෙමින් සිටින අතර පිට්ටනි රෝහල් බවට පත්වෙමින් තිබේ. 

මේ වන විට මිලියන 16ක පමණ රෝගීන් වාර්තා වී ඇති අතර ඊයේ දිනයේදී වාර්තා ගත ලෙස ආසාදිතයින් 314,835ක් වාර්තා වී තිබුණේ දිනකට ලොව වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා කරමිනි. ඒ සමඟම ඊයේ දින මරණ 2,104ක් සිදුව තිබේ. මේ වන විට සමස්ත මරණ 185,000 ඉක්මවා ඇත. 

කොවිඩ් ආසදිතව මිය යන දේහ ආදාහනය කිරීම ද දැන් අර්බුදයට ලක්ව තිබෙන අතර ආරක්‍ෂිත ඇඳුම් කට්ටලවල පවා හිඟයක් පවතින බවයි ඉන්දීය වාර්තා අනුව පැහැදිලි වන්නේ. 

රෝහල් තුළ ඉඩ පහසුකම් නොමැති කමෙන් තම තමන්ගේ රථ වාහන තුළ හිඳිමින් ප්‍රතිකාර ගැනීමට ඉන්දීය වැසියන්ට සිදුව තිබේ. 

ඉන්දියාවේ පවතින මෙම කොවිඩ් දෙවන රැල්ල සුනාමියක් සේ රටම ගිල ගනිමින් සිටින බවයි පෙනෙන්නට ඇත්තේ.

 ASK