කොරෝනා අලුත් රැල්ල ඉන්දියාව වනසන ලකුණු - දිල්ලි නුවරට අද රාත්‍රියේ සිට ඇඳිරිනීතිය

කොරෝනා අලුත් රැල්ල ඉන්දියාව වනසන ලකුණු - දිල්ලි නුවරට අද රාත්‍රියේ සිට ඇඳිරිනීතිය

6 April 2021 01:30 pm

ඉන්දියාව තුළ කොරෝනා අලුත් රැල්ල ආරම්භ වීමත් සමඟ අද (06) සිට අප්‍රේල් 30 වැනිදා දක්වා දිල්ලි නුවරට ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබේ.

එම ඇඳිරිනීතිය පැනවෙන්නේ රාත්‍රී 10.00 සිට උදෑසන 05.00 දක්වා කාලය තුළයි 

ඒ අනුව අද  රාත්‍රියේ සිට එම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බවයි එරට බලධාරීන් සඳහන් කර ඇත්තේ.

ඇඳිරිනීතිය පැනවුවද එන්නත්කරණය අඛණ්ඩව සිදුවන හෙයින් එම එන්නත ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාවට අන්තර්ජාලය හරහා අවසර පත්‍රයක් ලබා දීමටද කටයුතු කර ඇත. 

එමෙන්ම අත්‍යාවශ්‍ය සේවා සපයන අයටද අවසර පත්‍ර ලබා දිමටයි ඉන්දීය බලධාරීන් කටයුතු කර තිබෙන්නේ. 

පසුගිය පැය 24 තුළදී ඉන්දියාවෙන් හමු වූ ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්‍ෂ තුන්දහස් හත්සිය  ඉක්මවා තිබෙන අතර ඒ සමගම එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 12.6 ඉක්මවා ගොස් තිබේ. 

වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණ 165101 සිදුව ඇති අතර වෛරස ව්‍යාප්තිය අවම කිරීමට එන්නත්කරණය ද වේගවත් කර ඇති බවයි දැක්වෙන්නේ. මේ වන විට එරට ජනගහණයෙන් මිලියන 80 ක සංඛ්‍යාවකට එන්නත ලබා දී ඇති බවද සඳහන්.

ASK