අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජයට එරෙහිව පකිස්තානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජය වී තිබෙනවා. විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ඊයේ පැවැත්විණි. එහිදී අගමැතිවරයාට සහාය පළකරමින් ඡන්ද 178 ක් ලැබී ඇති අතර ඒ අනුව එය විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට අවශ්‍ය අවම ඡන්ද ප්‍රමාණය වන ඡන්ද 172 ඉක්මවා යාමකි.
පකිස්තානු පාර්ලිමේන්තුව ආසන 342 කින් සමන්විත වේ.
ඉම්රාන් ඛාන් රජයේ මුදල් අමාත්‍ය අබ්දුල් හෆීස් ෂෙයික් මහතා සෙනෙට් සභාවේදී ලැබූ පරාජය හේතුවෙන් රජය පිළිබඳ ජනතා විශ්වාසය බිඳවැටී ඇති බව පවසමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබිණි.
විපක්ෂයේ පක්ෂ 10 කින් සමන්විත PMD සන්ධානය විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි.
ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව අමතමින් අගමැතිවරයා ප්‍රකාශ කළේ සෙනෙට් සභාවේ සාමාජිකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් පුළුල් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.
සාමාජිකයන් 100 දෙනෙකුගෙන් සමන්විත සෙනෙට් සභාවට ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ඇතුළු සන්ධානයට දිනාගත හැකි වූයේ ආසන 48 ක් පමණි.
සෙනෙට් සභා සාමාජිකයන් තෝරා ගන්නේ ප්‍රාන්ත සභාවල සහ පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ගේ රහස් ඡන්දයෙනි.
UN
2021-04-23 18:33:00
2021-04-23 18:12:00
2021-04-23 18:01:00
2021-04-23 18:00:00