ඉරාකයේ සංචාරයක නියුතු පාප්වහන්සේ සහ ෂියා මුස්ලිම්වරුන්ගේ අධ්‍යාත්මික නායකයා අතර හමුවක්

ඉරාකයේ සංචාරයක නියුතු පාප්වහන්සේ සහ ෂියා මුස්ලිම්වරුන්ගේ අධ්‍යාත්මික නායකයා අතර හමුවක්

6 March 2021 10:27 am

ඉරාකයේ සංචාරයක නිරතව සිටින ශුද්ධෝත්මක ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (06) එනම සංචාරයේ දෙවන දිනයේදී ෂියා ඉස්ලාම් බලවත් පුද්ගලයෙකු  හමුවීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. 

ඒ,මිලියන ගණනක ෂියා මුස්ලිම්වරුන්ගේ අධ්‍යාත්මික නායකයා වන ග්‍රෑන්ඩ් අයතුල්ලා අලි අල් සිස්තානි ය.  

එම හමුව ඉරාකයේ ශුද්ධ වූ නජාෆ් නගරයේදී සිදුවනු ඇති.   

ඇතැම් ෂියා සටන්කාමී කණ්ඩායම් මෙම සංචාරයට විරුද්ධ බව වාර්තා කර තිබෙන අතර මෙම සංචාරය රටේ කටයුතුවලට බටහිර මැදිහත්වීමකට සමාන බවට ද ඔවුන් යෝජනා කර තිබේ. 

කොවිඩ් 19 වසංගතය ආරම්භයෙන් පසු  පාප්තුමාගේ පළමු ජාත්‍යන්තර සංචාරය මෙය වන අතර ඉරාකයට ගිය පළමු පාප් වහන්සේ බවටද ඉතිහාසයට උන්වහන්සේ එක් විය. 

කෝවිඩ් -19 සහ ආරක්ෂක භීතීන් නිසා මෙය තවමත් පාප්තුමාගේ අවදානම් සහගත ගමනයි.

84 හැවිරිදි මෙම කතෝලික නායකයා මීට පෙර වාර්තාකරුවන්ට කියා සිටියේ “සංකේතාත්මක ගමනක් යාමට තමාට යුතුකමක්” ඇති බවය.

ඒ අනුව උන්වහන්සේ ඉරාකයේ දින තුනක් පුරා ස්ථානය කිහිපයකටම සංචාරය කිරීමට නියමිතය. 

ඉරාකයේ වෙසෙන කිතුණු බැතිමතුන් සහ සෙසු ආගමික කොට්ඨාස අතර සුහදතාව වර්ධනය කිරීම පාප්වහන්සේගේ මෙම සංචාරයේ අරමුණ වෙයි. 

කෙසේවෙතත් උන්වහන්සේගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති හෙයින් උන්වහන්සේගේ ආරක්ෂාවට හමුදා භටයන් 10,000 ක් පමණ යොදවා ඇති අතර,  වෛරස් පැතිරීම සීමා කිරීම සඳහා පැය 24 පුරා ඇඳිරි නීතියද පනවා තිබේ.