’’මම ඇමරිකාව වෙනුවෙන් බොහෝ දේ කළා පිටව යන්නේ ප්‍රීතියෙන්’’ - ට්‍රම්ප් ජනාධිපති ධූරයෙන් සමුගනිමින් කියයි

’’මම ඇමරිකාව වෙනුවෙන් බොහෝ දේ කළා පිටව යන්නේ ප්‍රීතියෙන්’’ - ට්‍රම්ප් ජනාධිපති ධූරයෙන් සමුගනිමින් කියයි

20 January 2021 10:18 am

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප් සිය ධූරයෙන් ඉවත් වීමට පෙර අවසාන දේශනයක් කරමින් ''අපි අපේ දේ කළා - තවත් බොහෝ දෑ සමඟින්'' යනුවෙන් පවසා තිබේ. 

විදෙස් මාධ්‍ය  සඳහන් කරන්නේ  කෙසේවෙතත් තවදුරටත් ඔහු තේරී පත්ව සිටින ජනාධිපති ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය පිළිනොගන්නා බවයි. 

ඔහු සිය සමුගැනීමේ දේශනය ඇතුළත් වීඩියෝවක් YOU TUBE වෙත මුදා හැර තිබේ. 

එහිදී ඔහු තවදුරටත් පවසන්නේ ඇමරිකාව තමන්ට බොහෝ දේ දුන් බවත් තමන්ට අවශ්‍ය වුයේ ඇමරිකාව වෙනුවෙන් යම් සේවයක් කිරීමට බවත් මුහුණ දිමට සිදු වූ දැවැන්තම අර්බුදය වන කොරෝනා හමුවේත් එක එන්නතක් නොව එන්නත් දෙකක්ම නිපද වූ බවත්ය. වසර ගණනාවක් වැය වන දෙයක් මාස 09ක් ඇතුළත සිදුකිරීමට සමත් වූ අතර තමන් බොහෝ දැඩි සටන්වල නිරත වූ බවද ජනාධිපති ට්‍රම්ප් එම වීඩියෝවේ පවසා තිබේ. දැඩි සහ අමරුම සටන් වෙනුවෙන් ජනතාව තෝරා ගත්තේ තමන්ව බවද එහිදී ඔහු  පවසයි. 

දැන් තමන් නව පරිපාලනයක් සඳහා බලය පැවරීමට සූදානම්  හෙයින් මෙම අභිමානවත් ස්ථානයෙන් පිටව යන්නේ ප්‍රීතියෙන් බවයි ඔහු කියාසිටින්නේ. 

ජනාධිපති ට්‍රම්ප්ගේ  ධුර කාලයේ අවසාන සති දෙකක කාලය තුළ කැපිටල් හිල් වෙත ට්‍රම්ප් හිතවාදී සන්නද්ධ ආධාරකරුවන් එළ්ල කල ප්‍රහාරය හේතුවෙන්   ට්‍රම්ප්ට එරෙහිව දැඩි විවේචන එල්ල විය.

ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිනොගන්නා ට්‍රම්ප් මෙන්ම ඔහුගේ ආධාරකරුවන්ට අවශ්‍යව තිබුණේ කෙසේ හෝ මෙම ප්‍රතිඵලය වෙනස් කරගැනීම සඳහාය. 

එම කැරැල්ලෙන් පසු සිය අවසන් දේශනය කරමින් ජනාධිපති ට්‍රම්ප් මෙලෙසද පවසා තිබේ. එනම් "දේශපාලන ප්‍රචණ්ඩත්වය යනු ඇමරිකානුවන් ලෙස අප අගය කරන සෑම දෙයකටම පහරදීමකි. එය කිසි විටෙකත් දරාගත නොහැකිය" යනුවෙනි. 

ASK