Covid 19 තව කොපමණ කලක් ලොව බියවද්දයි ද? වාතයෙන් සම්ප්‍රේෂණය වන බවටත් දැන් සාක්ෂි මතුවෙයි

Covid 19 තව කොපමණ කලක් ලොව බියවද්දයි ද? වාතයෙන් සම්ප්‍රේෂණය වන බවටත් දැන් සාක්ෂි මතුවෙයි

8 July 2020 01:30 pm

නව කොරෝනා වෛරසය හෙවත් Covid 19 වාතයෙන් සම්ප්‍රේෂණය වීමේ හැකියාවද පවතින බවට සාක්ෂි මතුවෙමින් තිබෙන්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 

විද්‍යාඥයින් 239 දෙනෙකුගේ ලිපියක් ප්‍රකාශයට පත්කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය පවසා තිබේ. 

වාතයේ සැරිසරන ජල බිඳිති හරහා මෙම වෛරසය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය විය හැකි බවයි එම විද්‍යාඥයින් පෙන්වාදී ඇත්තේ. 

Covid 19  වෛරසය සම්බන්ධයෙන් දිගින් දිගටම අලුත් කරුණු මතුවෙමින් තිබෙන අතර එහි අවදානම ගැන නිරන්තරයෙන් සැලකිල්ලෙන් පසුවිය යුතු බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ වෛරසය සම්ප්‍රේෂණය වීම වළක්වා ගැනීම සඳහා පූර්ව ආරක්‍ෂිත ක්‍රමවේද අඛණ්ඩව අනුගමනය කළ යුතු බවයි. 

මේ අනුව තවදුරටත් මෙම වෛරසයේ ස්වභාවය පිළිබඳ පර්යේෂණ අවශ්‍යතාව පවතින අතර දැනට වාර්තා කර තිබෙන පර්යේෂණ ප්‍රථිපල අවසන් නිගමන නොවන හෙයින් තවදුරටත් මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසු විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත. 

Covid 19 වෛරසය ව්‍යාප්තිය නිසා ගෝලීය වශයෙන් අද (08) උදෑසන 08 පමණ වන විට ආසාදිතයින් 11,591,595 ක් වාර්තා වී තිබෙන අතර මරණ 537,859 ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා සඳහන් කරයි. 

ASK