ඇමරිකාවෙන් තවත් කොරෝනා අනාවැකියක්!

ඇමරිකාවෙන් තවත් කොරෝනා අනාවැකියක්!

5 June 2020 03:48 pm

Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය වැඩිම බලපෑමකට ලක්ව සිටින ඇමරිකාවේ කොරෝනා බිය මේ වන විට දෙගුණ තෙගුණ වී තිබෙන්නේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමට විරෝධය පළකරමින් ඇමරිකානුවන් රට පුරා විරෝධතා පැවැත්වීමත් සමඟය. 

එම විරෝධතාවලට ඒකරාශීවන ජනතාවගෙන් තවදුරටත් වෛරසය ව්‍යාප්ත වනු ඇති බවටයි ඇමරිකානු බලධාරීන් අවධානය යොමුකර තිබෙන්නේ. 

කෙසේවෙතත් ජුනි 27 වැනි දින විට කොරෝනා මරණ 1,27,000 ඉක්මවනු ඇති බවට පුරෝකථනය කර ඇත. ඇතැම් විට එය 1,43,000 පමණ වනු ඇති බවටද ඇමරිකානු බලධාරීන් විශ්වාසය පළකර තිබේ. 

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වාර්තා අනුව මේ වන විට ඇමරිකාව තුළ කොරෝනා මරණ 108,211ක් වාර්තා වී තිබෙන අතර ගෙවුණු පැය 24 ක කාලය තුළ 1,036ක් මිය ගොස් ඇති බව සඳහන්. 

මේ වන විට සමස්ත ආසාදිතයින් 1,872,660  ඉක්මවා යමින් තිබෙන අතර ඊයේ දිනයේදී නව ආසාදිතයින් 21,140ක් හඳුනා ගෙන ඇත. 

එමෙන්ම ලොව පුරා කොවිඩ් 19 ආසාදිත මරණ 391,000 ඉක්මවා තිබේ. සමස්ත ආසාදිතයින් මිලියන 6.6 අභිබවා ඇති බව ද විදෙස් වාර්තා පෙන්වාදෙයි. 

ASK