හිටපු ඊජිප්තු ජනපති හොස්නි මුබාරක් මියයයි

හිටපු ඊජිප්තු ජනපති හොස්නි මුබාරක් මියයයි

25 February 2020 04:45 pm

ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් මහතා මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. මියයන විට ඔහු 91 හැවිරිදි වියේ පසුවිය.

දශක තුනක් තිස්සේ ඔහු ඊජිප්තුවේ පාලකයා ලෙස කටයුතු කළ අතර මැදපෙරදිග කලාපය පුරා පැතිර ගිය මහජන විප්ලවය හේතුවෙන් ඔහු 2011 වසරේදී බලයෙන් පහ කෙරිණි.

ඉන්පසු පැවති නඩු විභාගයකින් අනතුරුව හොස්නි මුබාරක් සිරගත කෙරුණු අතර කෙසේ වෙතත් 2017 වසරේදී ඔහුව නිදහස් කෙරිණි.

UN