බ්‍රිතන්‍ය නව අගමැතිගෙන් දෙමළ ජනතාවට තුති!

බ්‍රිතන්‍ය නව අගමැතිගෙන් දෙමළ ජනතාවට තුති!

15 December 2019 11:18 pm

බ්‍රිතාන්‍ය නව අගමැතිවරයා ලෙස පත්ව සිටින කොන්සර්වේටිව් පක්ෂ නායක බොරිස් ජොන්සන් වීඩියෝ පටයක් නිකුත් කරමින් දෙමළ ජනතාවට ස්තූතිය පළකර තිබේ.

"වනක්කම්" ලෙස ආමන්ත්‍රණය කරමින් බ්‍රිතාන්‍ය නව අගමැතිවරයා පවසන්නේ බ්‍රිතාන්‍යයේ වෙසෙන් දෙමළ ජනතාව තමන් ජීවත් වන රට වෙනුවෙන් දැක්වූ සහයෝගයට ස්තූතිවන්ත විය යුතු බවයි.

 

අතීත සිදුවීම් සමඟ ශ්‍රී ලංකාව තුළ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සහ වගවිමේ ක්‍රියාවලිය නිසිලෙස ක්‍රියාත්මක කිරීමෙන් දිගුකාලීන සාමයක් පවත්වාගෙන යාමටද නව අගමැතිවරයා සුභපැතුම් එක්කර තිබේ. 

ඔහු සිය අදහස් දැක්වීම අවසාන කරන්නේ ද "නන්රි"  ලෙස දෙමළ ජනතාවගේ හදවත්වලටම ආමන්ත්‍රණය කරමිනි. 

බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේද ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාව පිළිබඳව අවධානය යොමුන්කර තිබුණි. 

ශ්‍රී ලංකාව තුළ රාජ්‍යයන් දෙකක විසඳුමකට සහය ලබා දෙන බවට ඔහු සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා තිබූ අතර ඊට එරෙට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධය එල්ල විය. 

ඒ සම්බන්ධයෙන් බ්‍රිතානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විමසීමක් කර තිබූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් කොන්සර්වේටිව් පක්ෂය පවසා තිබුණේ රාජ්‍යයන් දෙකක විසඳුම අදාළ වන්නේ ඊශ්‍රායලය සහ පලස්තීනය සම්බන්ධයෙන් පමණක් වන බවයි. 

කෙසේවෙතත් මේ වන විට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එරට දෙමළ වැසියන්ගේ අවධානය තමන් වෙත දිනාගෙන අවසන්ය.