සෑම මිනිත්තුවකදීම පාපන්දු පිටියක තරම් වපසරියක් අහිමි වන ඇමසන් වනාන්තරය !

සෑම මිනිත්තුවකදීම පාපන්දු පිටියක තරම් වපසරියක් අහිමි වන ඇමසන් වනාන්තරය !

21 August 2019 10:48 pm

ලොව විශාලතම වැසි වනාන්තරය වන දකුණු ඇමරිකාවේ ඇමසන් වැසි වනාන්තරය දෙසට මේ දිනවල ලෝක‍යේ බොහෝ දෙනා‍ගේ අවධානය යොමුව තිබේ. ඒ එම වනාන්තරයේ බ්‍රසීලයට අයත් කොටස තුළ දිනෙන් දින වර්ධනය වන ගිනි ගැනීම් හේතුවෙනි.

මෙම වසරේ ඉකුත් සමය තුළදී පමණක් බ්‍රසීලයට අයත් ඇමසන් වනාන්තර කොටසේ ගිනි ගැනීම් 72,843 ක‍් හටගෙන තිබෙනවා. එය පසුගිය වසරට සාපේක‍්ෂව 80% ක‍ පමණ ඉහළ යාමක‍් බවයි බ්‍රසීලයේ National Institute for Space Research (INPE) සංවිධාන‍ය පෙන්වා දෙන්නේ.

මෙම සතියේ මුල් දිනවල හටගත් ගිනි ගැනීම් කෙතරම් ප්‍රබලද යත් ඉන් හටගත් දුමාරය කිලෝමීටර් 2,700 ක් එපිටින් පිහිටි සාවෝ-පෝ‍ලෝ නගරයේ අහස අඳුරු කිරීමට සහ එහි කාලගුණය වෙනස් කිරීමට පවා හේතු වී තිබේ. 

මේ අතර ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙන පරිදි ගිනි ගැනීම්, ගිනි තැබීම් හා වෙනත් මිනිස් ක‍්‍රියාක‍ාරක‍ම් හේතුවෙන් සෑම මිනිත්තුවක‍දීම සාමාන්‍ය පාපන්දු පිටියක‍් තරම් කොටසක‍් ඇමසන් වනාන්තරයට අහිමි වී යනවා. එය ආසන්න වශයෙන් සෑම මිනිත්තුවක‍දීම වර්ග මීටර් 5000 - 7000 අතර ප්‍රමාණයක‍් අහිමි වීමක‍ි.

එය අතිශය බිහිසුණු ඛේදවාචක‍යක‍් වන්නේ ඇමසන් වනාන්තරයට පමණක‍් නොව සමස්ත ලෝක‍යාටමය. ඇමසන් යනු‍ ලෝක‍යේ විශාලතම වැසි වනාන්තරය වන අතර ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය ක‍ිරීම සඳහා එය දක‍්වන්නේ ඉහළ දායක‍ත්වයක‍ි.

මෙම වනාන්තරය තුළ ආදිවාසීන් මිලියනයක‍් පමණ වාසය ක‍රනු ඇතැයි ගණන් බලා ඇති අතර ශාක‍ හා සත්ව විශේෂ මිලියන තුනක‍ට අධික‍ වේ.

මෙවැනි අතිශය වැදගත් ලොව විශාලතම වැසි වනාන්තරය දිනෙන් දින ක්ෂය වී යාමේ අවදානමක‍් මතුව ඇති අතර ‍ලෝක‍ පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මේ සඳහා බ්‍රසීල රජය වක‍්‍රාක‍ාරයෙන් මැදිහත් වෙමින් සිටින බවයි. මීට පෙර බලයේ සිටි ලූලා ද සිල්වා ජනාධිපතිවරයා සහ ඔහුගේ අනුප්‍රාප්තික‍ාව, ඇමසන් වනාන්තරයට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ක‍්‍රියාමාර්ග ගත් නමුත් වත්මන් ජනාධිපති බොල්සොනාරෝ ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක‍් අනුගමනය ක‍රමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ප්‍රංශ සහ ඇමරික‍ානු බහු ජාතික‍ සමාගම්වල අවශ්‍යතා ඉටු ක‍ිරීම සඳහා බොල්සොනාරෝ බ්‍රසීල වනාන්තර ලබාදෙමින් සිටී. ඒ සඳහා ඇමසන් වනාන්තරයට අයත් වන භූමි ගිනි තැබීමට ක‍ටයුතු ක‍රමින් සිටින අතර අනෙක‍් පැත්තෙන් ගිනි ගැනීම් මැඩපැවැත්වීම සඳහා නිසි ක‍්‍රියාමාර්ග ගැනීමෙන් හිතාමතාව වැලක‍ී සිටී.

බ්‍රසීල රජයේ මෙම ක‍්‍රියාමාර්ගවල ප්‍රතිවිපාක‍ බ්‍රසීල ජනතාවට පමණක‍් නොව සමස්ත ලෝක‍වාසීන්ටම අනාගතයේදී අත්විඳීමට සිදුවනු ඇත. ඒ නිසා ඇමසන් වනාන්තරය ආරක‍්ෂා ක‍ර ගැනීමේ වගක‍ීම සමස්ත ‍ලෝක‍වාසීන්ටම භාර ගැනීමට සිදු වී තිබේ.

UN