ට්‍රම්ප්ගේ ප්‍රාර්ථනය ඉටුවේ! බ්‍රිතාන්‍ය නව අගමැති බොරිස් ජොන්සන්!!

ට්‍රම්ප්ගේ ප්‍රාර්ථනය ඉටුවේ! බ්‍රිතාන්‍ය නව අගමැති බොරිස් ජොන්සන්!!

23 July 2019 04:39 pm

බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ නව අගමැති ධූරයට පත්වූ බවට වාර්තා වේ. 

තම ප්‍රතිවාදියා වූ ජෙරමි හන්ට් පරාජයට පත් කරමින් මනාප 92,153 ක් ලබා ගනිමින් ඔහු මැතිවරණය ජයග්‍රහණය කර ඇති බවට වාර්තා වේ. හන්ට් ලබා ගත් මනාප සංඛ්‍යාව 46,656 ක් පමණි.

බ්‍රිතාන්‍ය වැසියන් වටවූ වේදිකාව මත සිට තම දේශපාලන ගමන වෙනුවෙන් සහයෝගය දැක්වූ සියල්ලන් හට තම හෘද්‍යාංගම ස්තූතිය පළ කරමින්, තම ප්‍රතිවාදියා වූ ජෙරමි හන්ට් හටද සුභ පැතීමට අමතක නොකළ ජොන්සන් හාස්‍යය මුසු ස්වරයෙන් පවසා සිටියේ හන්ට් "ඉතා විශිෂ්ට මතධාරියකු" බවත් යම් දිනක ඔහුගේ මත "සොරා ගැනීමට" තමා සූදානම් බවත් ය. 

බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනිය තෙරේසා මේ හට ද තම ස්තූතිය පළ කරමින් ඈගේ කැබිනට් මණ්ඩලය වෙනුවෙන් සේවය කිරීමට තමා ලද මෙම අවස්ථාව වරප්‍රසාදයක් ලෙස සලකන බවත් ප්‍රකාශ කර සිටියේය. .

උග්‍ර ට්‍රම්ප් හිතවාදියකු ලෙස ජනප්‍රිය බොරිස් ජොන්සන් ඒ අයුරින් අද පටන් බ්‍රිතාන්‍යයේ අගමැති ධූරය හෙබවීමට නියමිතය!

MIAP