එල් චැපෝගේ දඬුවම අමානුෂිකයි - මෙක්සිකෝ ජනාධිපති

එල් චැපෝගේ දඬුවම අමානුෂිකයි - මෙක්සිකෝ ජනාධිපති

20 July 2019 10:58 am

කුප්‍රකට මෙක්සිකානු පාතාල කල්ලි නායක ජොකිම් එල් චැපෝ ගුස්මාන්ට ඇමරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය මගින් ලබාදුන් ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම අතිශය අමානුෂික බව මෙක්සිකෝවේ ජනාධිපති අන්ද්‍රෙස් මැනුවෙල් ලෝපේස් ඔබ්‍රදෝර් පවසා තිබෙනවා.

මෙක්සිකානු පාතාලයේ ප්‍රබලයෙකු ලෙස සැලකෙන එල් චැපෝ එරට පමණක් නොව ඇමරිකාව ඇතුළු කලාපයේ රටවල් කිහිපයක මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධවලට සම්බන්ධ පුද්ගලයෙකි.

මීට පෙර අවස්ථා දෙකකදී සිර මැදිරියෙන් පළාගිය එල් චැපෝ අවසන් වරට මෙක්සිකෝවේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු ඇමරිකාව වෙත ගෙනගිය අතර එහිදී සිදුකළ නඩු විභාගයකින් පසුවයි මෙම දඬුවම පැනවූයේ.

මෙක්සිකානු ජනාධිපතිවරයා පවසන්නේ කුමන තත්වයේ අපරාධ සිදුකළ පුද්ගලයෙකු වුවද කටුක තත්වයන් යටතේ ජීවිතාන්තය දක්වා සිරගත කිරීම අතිශය අමානුෂික බවයි.

UN

එල් චැපෝට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්: ආයෙත් පනී ද?