අද සඳ වෙත යාමට නියමිත වූ ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 2‘ ට තාක්ෂණික බාධා

අද සඳ වෙත යාමට නියමිත වූ ඉන්දියාවේ ‘චන්ද්‍රයාන් 2‘ ට තාක්ෂණික බාධා

15 July 2019 10:59 am

ඉන්දියාව විසින් චන්ද්‍රයා පිළිබඳ සිදු කරන මෙහෙයුම් සදහා අභ්‍යවකාශ ගත කිරීමට නියමිත චන්ද්‍රයාන් 2 යානය අද පෙරවරු 2.51ට මුදාහැරීමට කටයුතු යොදා තිබුණත් එම ගමන මිනිත්තු 56 කට පෙර නතර කරනු ලැබීය.

එයට හේතු වී තිබුණේ ඉන්දීය විද්‍යාඥයන් විසින් මුදාහැරීමේ පද්ධතියේ තාක්ෂණික දෝෂයක් නිරීක්ෂණය කිරීමයි.

කෙසේ නමුත් අදාළ දෝෂය යථා තත්වයට පත් කිරීමෙන් පසු යානය අපේක්ෂිත ගමන බලා යාමට නියමිත බව ද වාර්තා වේ.

ඉන්දියානු අභ්‍යවකාශ  ඉතිහාසයේ බිහි වූ බලසම්පන්නම අභ්‍යවකාශ රොකට්ටුව වන්නේ චන්ද්‍රයාන් 2 ය.

මිනිසුන්ගේ සහභාගීත්වයක් නොමැතිව ඉන්දියාව විසින් සිදු කරන දෙවන දෙවන චන්ද්‍ර මෙහෙයුම මෙය වෙයි.

අද අළුයම නිසි පරිදි දියත් කළේ නම් චන්ද්‍රයාන් 2 යානය සැප්තැම්බර් 6 වන දින සඳ මතුපිටට ළඟා වීමට සැලසුම් කර තිබිණි. 

මේ මගින් සඳ මත භූ ලක්ෂණ සවිස්තරාත්මකව අධ්‍යයනය, ඛනිජ විශ්ලේෂණය ඇතුලු පර්යේෂණ රැසක් එමඟින් සිදුකිරීමට නියමිතයි. ඒ අනුව චන්ද්‍රයාගේ ආරම්භය හා පරිණාමය පිළිබඳ අධ්‍යයනය මෙහි ප්‍රධානතම අරමුණ වී ඇත.

ඉන්දියානු ජනපති රාම්නාත් කෝවින්ද් මෙම චන්ද්‍රයාන් 2 යානය මුදා හැරීමේ අවස්ථාවට සහභාගී වීමට නියමිත ව සිටියේය. ඒ අනුව ඔහු මෙවැනි ඉන්දියානු අභ්‍යවකාශ මෙහෙයුමක් දැක බලා ගත් තෙවන ඉන්දියානු ජනපති බවටද පත් වේ.


මේ සදහා ඉන්දියාව විසින් වැය කර ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 1000කි.

මෙම චන්ද්‍රයාන් 2 මෙහෙයුම සාර්ථක වුවහොත් චන්ද්‍රයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථක ලෙස පතිත කළ ලොව 04 වන රට බවට ඉන්දියාව පත්වනු ඇත. ඒ රුසියාව, ඇමරිකාව, චීනයට පසුවයි. පසුගියදා මෙවැනි යානයක් චන්ද්‍රයා වෙතට යැවීමට ඊශ්‍රයලය විසින් ගත් උත්සාහය අසාර්ථක විය.

ඉන්දියාවේ මීළග අභ්‍යවකාශ මෙහෙයුම ලෙස සැළසුම් කර ඇත්තේ ‘ගංගායාන්‘ මෙහෙයුමයි. 2022 වන විට මිනිස් සහභාගීත්වය සහිත අභ්‍යවකාශ මෙහෙයුමක් ඉන්දියාව විසින් සාර්ථක කර ගන්නා බවට අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ලබා දී ඇති පොරොන්දුවකි.

- අවුට්බවුන්ඩ් ටුඩේ | www.outboundtoday.com