හොංකොං විරෝධතා උත්සන්න වෙයි

හොංකොං විරෝධතා උත්සන්න වෙයි

10 July 2019 05:00 pm

චීනයට වාසි සහගතව ඉදිරිපත් කරන ලද උදර්පණ නීතිය හේතුවෙන් හොංකොං රාජ්‍යයේ හටගත් විරෝධතා තවදුරටත් උත්සන්න වී තිබෙනවා.

හටගත් මහජන විරෝධතා හේතුවෙන් ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා හොංකොං ප්‍රධාන විධායක නිළධාරී කැරී ලෑම් ප්‍රකාශ කළේ අදාල උදර්පණ නීතිය පණගැන්විය නොහැකි බවයි. කෙසේ වෙතත් එය පිළිගැනීමට විරෝධතාකරුවන් සූදානම් වී නැහැ. 

ඔවුන් පවසන්නේ අදාල නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කරගත යුතු බවයි. එසේ ඉවත් කර ගන්නා තෙක් විරෝධතා අවසන් නොකරනවා පමණක් නොව විරෝධත තවදුරටත් උත්සන්න විය හැකි බව ද ඔවුන් පවසනවා.

හොංකොං පාලනය විසින් ඉදිරිපත් කරන මෙම උදර්පණ නීතියට අනුව, තමන්ට අවශ්‍ය හොංකොං වැසියන් පමණක් නොව විදේශිකයන් වුවද තමන් වෙත ලබා දෙන්නැයි ඉල්ලා සිටීමේ හැකියාව චීනයට හිමි වෙනවා. මේ සඳහා හොංකොං විපක්ෂ ක්‍රියාකාරිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

UN