මුම්බායි නගරයට මහ වැසි – 16 දෙනෙක් මියයති

මුම්බායි නගරයට මහ වැසි – 16 දෙනෙක් මියයති

2 July 2019 12:30 pm

ඉන්දියාවේ මුම්බායි නගරයට මහ වැසි ඇද හැලෙමින් තිබෙනවා.

ගතවූ පැය 21 ක් වූ කාලය තුළ නගරයට මිලි මීටර් 375 ක වැසි ඇදහැළුණ බව පුද්ගලික ආයතනයක් වන Skymet විසින් වාර්තා කළේ යයි අද උදෑසන NDTV රූපවාහිනිය සඳහන් කළා.

මේ අතර ස්ථාන දෙකක තාප්ප දෙකක් කඩා වැටීමෙන් 16 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වුණා.

මුම්බායි ගුවන් තොටුපලේ ප්‍රධාන ධාවන පථය වසා දැමීමට ගුවන් තොටුපල බලධාරීන් කටයුතු කළා.

 - පරෙවි නිවුස්