ටියුනීසියාවේ මරාගෙන මැරෙන ISIS බෝම්බ ප්‍රහාර දෙකක්

ටියුනීසියාවේ මරාගෙන මැරෙන ISIS බෝම්බ ප්‍රහාර දෙකක්

28 June 2019 01:30 pm

ටියුනීසියාවෙහි ජූනි 27 වනදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් එක් ආරක්ෂක අංශ සාමාජිකයකු මියගොස් තවත් කිහිප දෙනකු තුවාල ලැබුවා.

පළමු ප්‍රහාරය එල්ල වූයේ ටියුනිස් අගනුවර පොලිස් මුර සංචාර කණ්ඩායමකටයි. එහිදී එක් පොලිස් නිලධාරියකු මියගොස් සිවිල් වැසියන් තිදෙනකු තුවාල ලැබුවා.

දෙවන ප්‍රහාරය එල්ල කෙරුණේ ත්‍රස්ත විරෝධී බ්‍රිගේඩයෙහි කඳවුර වෙත ඇතුල් වන ස්ථානයේයි. එහිදී ආරක්ෂක හමුදාවල සිව් දෙනකු තුවාල ලැබුවා.

මෙම ප්‍රහාරවල වගකීම තමන් බාර ගන්නා බව ISIS සංවිධානය ප්‍රකාශ කළා.

උතුරු අප්‍රිකානු රටක් වන ටියුනිසියාවෙහි 2015 දී දැවැන්ත ISIS ත්‍රස්ත ප්‍රහාර දෙකක් සිදු වුණා. 2015 මාර්තුවේදී බාර්ඩෝ කෞතුකාරයෙහි වූ වෙඩි තැබීමකින් 22 දෙනකු මියගියා. ඉන් මාස තුනකට පසු එරට වෙරළබඩ නගරයක් වන සූස් වෙත එල්ල වූ ප්‍රහාරයකින් 38 දෙනකු මියගියා.

pigeons news