ඉරානයට එරෙහි ඇමරිකානු සම්බාධක: කෝපාවිෂ්ඨ හා මෝඩ තීන්දුවක්

ඉරානයට එරෙහි ඇමරිකානු සම්බාධක: කෝපාවිෂ්ඨ හා මෝඩ තීන්දුවක්

25 June 2019 06:03 pm

ඇමරිකාව විසින් සම්බාධක පැනවීම බැහැරකරන ඉරාන  ජනාධිපතිවරයා පවසන්නේ ධවල මන්දිරය මානසික අබාධයකින් පෙළෙන බවයි.

"The White House actions mean it is mentally retarded," 

ධවල මන්දිරයේ එම තීරණය කෝපාවිෂ්ඨ හා මෝඩ තීන්දුවක් බව ඉරාන ජනාධිපති හසන් රුහානි සඳහන් කරයි. 

ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලාහ් අල් කුමෙනි සහ තවත් නිලධාරීන් කණ්ඩායමකට එරෙහිව ඇමරිකාව සම්බාධක පැනවූ  අතර ධවල මන්දිරයේ මහා භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්චින්  පැවසුවේ එකී සම්බාධක පැනවීම හරහා ඉරාන වත්කම් බිලියන ගණනකට අගුළු වැටෙන බවයි. 

ඉරාන රාජ්‍ය රූපවාහිනියේ සජීවීව අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසන්නේ ඔවුන්ගේ ආධ්‍යාත්මික නායකයට එරෙහිව සම්බාධක පැනවුවද පලක් නොවන බවයි.    

 ආධ්‍යාත්මික නායක අයතුල්ලාහ් අල් කුමෙනි වෙත විදෙස් වත්කම් නොමැති බව හසන් රුහානි පවසයි. 

ටෙහෙරානයේ මෙම උපාය මාර්ගික ඉවසීමෙන් අදහස් කරන්නේ ඇමරිකාව ඉදිරියේ ඉරානයේ  භය පක්ෂපාතකම නොවන    බව ද ජනාධිපති රුහානි කියාසිටියි. 

ඇමරිකාවේ නව සම්බාධකවල ඉලක්ක අතර ඉරානයේ  ජ්‍යෙෂ්ඨ හමුදා  නිලධාරීන් ඇතුළත් වන අතර ඉන් ඇමරිකාව උත්සහ කර ඇත්තේ එක්සත් ජනපද අධිකරණ බලය යටතේ ඇති ඕනෑම මූල්‍ය වත්කමක් සඳහා ඔවුන්ගේ ප්‍රවේශය අවහිර කිරීම බවද ඉරාන ජනාධිපතිවරයා පෙන්වාදෙයි. 

ඉරානයේ විදේශ ඇමැතිටත් සම්බාධක?

මේ අතර ඉරානයේ විදේශ කටයුතු ඇමති මොහොමඩ් ජවාඩ් සරිෆ් වෙතද මේ සතිය තුළ සම්බාධක පනවන බවට වොෂින්ටනය සඳහන් කර ඇත. 

ඇමරිකාව විසින් හිතුමතයට පනවා ඇති මෙම සම්බාධක හේතුවෙන් ටෙහෙරානය සහ වොෂින්ටනය අතර රාජ්‍ය තාන්ත්‍රික මාවත සම්පුර්ණයෙන් වසා දමන්නක් විය හැකි බවට ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා කළ ප්‍රකශය ජනාධිපති  රුහානිගේ ප්‍රකාශයෙන් යළි අවධාරණය වී තිබෙන බවද විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ. 

"Imposing useless sanctions on Iran's Supreme Leader and the commander of Iran's diplomacy (Zarif) is the permanent closure of the path of diplomacy," Foreign Ministry spokesman Abbas Mousavi said in a tweet.

"ට්‍රම්ප්ගේ බලාපොරොත්තු රහිත  පාලනය විසින් ලෝක සාමය සහ ආරක්ෂාව පවත්වාගැනීම වෙනුවෙන් ස්ථාපිත  යාන්ත්‍රණය විනාශ කරමින් සිටිනවා." යන්නෙන්ද ඉරාන විදේශ  කටයුතු අමාත්‍යවරයා පවසා ඇත. 

කෙසේවෙතත් ඇමරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ජෝන් බෝල්ටන් පවසා තිබෙන්නේ ජනාධිපති ට්‍රම්ප් සාකච්ජා සඳහා විවෘතව සිටින අතර ඉරානය කළ යුත්තේ විවරව ඇති එම දොර හරහා පැමිණීම බවයි. 

ඉරානයේ න්‍යෂ්ටික අවි වැඩපිළිවෙල, බැලස්ටික් මිසයිල බෙදා හැරීමේ ක්‍රම, ජාත්‍යන්තර ත්‍රස්තවාදයට සහය වෙනුවෙන් සහ ලොව පුරා සිදුවන අනර්ථකාරී හැසිරීම් සත්‍ය ලෙසම තුරන් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට එක්සත් ජනපදයට අවශ්‍යය බවද ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෙරුසලමේදී පවසා තිබේ.   

දෙරට අතර ආතතිය දුරු කිරීම සඳහා ඇමරිකානු තානාපතිවරු කලාපය තුළ කටයුතු කර ඇති  නමුත් ඉස්ලාමීය ජනරජය නිහඬ පිළිවෙතක පසුවන බවද ඔහු අවධාරණය කර ඇත. 

ඉරානය සහ ලෝක බලවතුන් අතර වූ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව 2015දී ඉවත් වූයේ අබලන් වූ ආර්ථික සම්බාධක ඉවත් කර ගැනීම යන කරණය මතුකරමිනි. 

එහෙත් එතැන් පටන් කලාපයේ සබඳතා සැලකිය යුතු ලෙස නරක අතට හැරී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ. 

ASK