ඇමරිකාවෙන් ඉරානයට සම්බාධක

ඇමරිකාවෙන් ඉරානයට සම්බාධක

25 June 2019 01:27 pm

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමෙනි සහ තවත් එරට නිලධාරීන්ට එරෙහිව සම්බාධක පනවා තිබේ. 

ඇමරිකාවට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානාවක් ඉරානය විසින් වෙඩි තබා බිම හෙළීමේ සිද්ධියෙන් පසු දෙරට අතර විරසකය උත්සන්න වී තිබේ. 

ප්‍රතිප්‍රහාරයක් ලෙස ඇමරිකාව ඉරානයේ යුධ අවි පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

එහෙත් ඉරානය නිවේදනය කළේ ඉන් ඔවුන්ගේ යුධ අවි පද්ධතියට හානියක් සිදුව නොමැති බවය. 

ඒ අනුව මෙම එකට එක කිරීමේ ඇමරිකානු ඉරාන අර්බුදයේ තවත් පියවරක් ලෙස  ඇමරිකාව විසින් ඉරානයට සම්බාධක පනවා ඇත. 

මෙම සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් මුන්චින් සඳහන් කර තිබෙන්නේ ඉරාන වත්කම්වලින් බිලියන ගණනකට අගුළු දමන බවයි. 

ASK