’’ඉරානයේ යුධ අවි පද්ධතියට ඇමරිකාවෙන් සයිබර් ප්‍රහාරයක්’’ - ඇමරිකාව සහ ඉරානය ඇවිලෙයිද?

’’ඉරානයේ යුධ අවි පද්ධතියට ඇමරිකාවෙන් සයිබර් ප්‍රහාරයක්’’ - ඇමරිකාව සහ ඉරානය ඇවිලෙයිද?

23 June 2019 02:51 pm

ඉරානයේ යුධ අවි පද්ධතියට ඇමරිකාවෙන් සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඇමරිකානු වාර්තා සඳහන් කර තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා එම ප්‍රහාරය එල්ල කර ඇති අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතියෙන් එය සිදුව ඇති බවයි වාර්තා කර ඇත්තේ. 

රොකට් සහ මිසයිල ක්‍රියාත්මක කරවන පරිගණක පද්ධතියට එමඟින් හානි වී ඇති බව  නිව්යෝර්ක් ටයිම්ස් සඳහන් කර තිබේ. 

එහෙත් ඉරානයේ එම අවි පද්ධතියට හානි වූ බවට ඇමරිකාව පාර්ශවයෙන් වාර්තා වී තිබුණද ඒ සම්බන්ධයෙන් ස්වාධීන වාර්තා පළවී නැති බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ. 

ඉරානය සහ ලෝක බලවතුන් අතර පැවති න්‍යෂ්ටික ගිවිසුමෙන් 2015 දී ඇමරිකාව ඉවත්වීම ඉරානය සහ ඇමරිකාව අතර විරසකභාවය ඇති කරන්නක් සහ වැඩි කරන්නක් බවට පත්ව තිබේ.

ඒ සමඟම ඉරානයට ආර්ථික සම්බාධක පැනවිය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීම හේතුවෙන් තවදුරත් හිත නොහොදකම් ඇති වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. 

කෙසේවෙතත් පසුගිය සතියේදී ඉරානය පවසා තිබුණේ ජාත්‍යන්තර එකඟතාවන් අභිබවා සිය න්‍යෂ්ටික වැඩසටහන් පුළුල් කරන බවයි. 

ඉරානය සමඟ යුද්ධ කිරීමේ අවශ්‍යතාවක් නොමැති නමුත් ගැටුමක් ඇති වුවහොත් ඔවුන් අතුගා දැමීමට කටයුතු කරන බව ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබුණි.

ඉරාන යුධ අවි මෙහෙයවන පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ලකිරීමට ඇමරිකාව සති කිහිපයක සිට සැලසුම් කර ඇත. 

ඇමරිකාවට අයත් ඩ්‍රෝන යානයක් පසුගිය බ්‍රහස්පතින්දා (20) ඉරානය වෙඩි තබා බිම හෙලීම ඇමරිකාව විසින් සයිබර් ප්‍රහාරය එල්ල කිරීමට හේතුවක්ද වී ඇති බව සඳහන්. 

ඒ අනුව එම සයිබර් ප්‍රහාරයෙන් ඉරානයේ යුධ අවි පරිගණක පද්ධතිය අකර්මන්‍ය වී ඇති බව වොෂින්ටන් පොස්ට් සහ AP නිවුස් ඒජන්සිය වාර්තා කර තිබූ අතර නිව්යෝර්ක් ටයිම්ස් වැඩිදුරටත් පවසා ඇත්තේ යම් කිසි කාලයක් එම පරිගණක පද්ධතිය ක්‍රියාත්මක නොවනු ඇති බවයි. 

මේ අතර ඊයේ දිනය වන විට ඉරානයද ඇමරිකාවට අනතුරු අඟවා තිබුණේ ඇමරිකාවට එරෙහි සිය සයිබර් ප්‍රහාරයන්ද දැඩි කරමින් සිටින බවයි. 

ඉරානයේ සයිබර් ආරක්ෂාව සහ යටිතල පහසුකම් ආරක්ෂාව සම්බන්ධයෙන් ඒජන්සියේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ක්‍රෙබ්ස් ඇමරිකාවට අනතුරු අඟවන්නේ ඇමරිකාවේ කර්මාන්ත සහ රජයේ ඒජන්සි වෙත ද්වේශ සහගත ලෙස සයිබර් ප්‍රහාර එල්ල කරන බවයි.  ඊට ඉරානයේ පාලන තන්ත්‍රය හා ඔවුන්ගේ හිතවතුන් සහය දක්වන බවද ඔහු පවසා තිබේ. 

සිය ඩ්‍රෝන යානයක් විනාශ කළ අවස්ථාවේ ඉරානයට පහර දීම සිදු නොකළේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ සිතා යැයි ජනපති ට්‍රම්ප් පවසා තිබුණි. 

ඉරානයේ ඉලක්ක තුනකට පහර දීමට සැලසුම් කර තිබියදීත් අවසානයේ සාමානය ජනතාව ගැන සිතා එය අත්හැරිය බවයි   ඔහු සඳහන් කර තිබුණේ. 

කිසියම් අයුරකින් හෝ එම පහර දීම සිදුකළේ නම් ඉරාන වැසියන් 150ක් පමණ මියයාමට ඉඩ තිබූ බව හෙතෙම පවසයි. 

ASK