ජෝර්ජියානුවෝ පාර්ලිමේන්තුවට කඩා වැදෙති

ජෝර්ජියානුවෝ පාර්ලිමේන්තුවට කඩා වැදෙති

21 June 2019 11:44 am

ජෝර්ජියානු පාර්ලිමේන්තුව ඇමතීමට කැදවූ රුසියානු නීති සම්පාදකයින් විසින් පාර්ලිමේන්තුව ඇමතීමට විරුද්ධව මෙසේ ජනතාව රැස්විය. ජනතාව එක්වරම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුල්වී ප්‍රහාර එල්ල කිරීම සදහා උත්සාහ කිරීමේදී කැරළි මර්දන පොලීසිය විසින් ඔවුන් අවහිර කර ඇත.

ජෝර්ජියාවේ පළාත් දෙකක් සම්බන්ධව මීට පෙර රුසියාව සහ ජෝර්ජියාව අතර මතභේද පැවතිණි. අබකාසියා සහ දකුණ් ඔසේටියාව යන පළාත් 2008 වසරේ රුසියාව විසින් අත්පත් කර ගන්නා ලදී,

පසුගියදා ඇති වූ විරෝධතා හේතුවෙන් පොලිස් භටයින් 39 ක් සහ විරෝධතාකරුවන් 30 ක් තුවාල ලබා රෝහල් ගත කරන ලදී.

උද්ඝෝෂකයන් එක හෙළා කියා සිටින්නේ සිය රාජ්‍යෙය් ස්වෛරීභාවයට සහ ස්වාධිපත්‍යයට එරෙහිව රුසියාව විසින් සිදුකරන අතපෙවීම් වහාම නතර කළ යුතු බවයි. 

- අවුට්බවුන්ඩ් ටුඩේ