Saegis Campus සමඟ Pearson සහයෝගීතාවය ඉදිරියට ගෙන යමින් BTEC උසස් ජාතික ඩිප්ලෝමා පෙළක් දියත් කරයි

Saegis Campus සමඟ Pearson සහයෝගීතාවය ඉදිරියට ගෙන යමින් BTEC උසස් ජාතික ඩිප්ලෝමා පෙළක් දියත් කරයි

9 July 2021 11:48 am

 

 
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන කේන්ද්‍රය ලෙසින් සැළකෙන නුගේගොඩ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන Saegis Campus ආයතනය පසුගියදා බි්‍රතාන්‍යයේ ප්‍රමුඛ අධ්‍යාපන ආයතනයක් වන පියර්සන් (Pearson) සමඟ සිය සහයෝගීතාවය තවදුරටක් ඉදිරියට ගෙනයමින් ශ්‍රී ලාංකික සිසුන් හට ජාත්‍යන්තරව පිළිගත් BTEC උසස් ජාතික ඩිප්ලෝමා (HND) පාඨමාලාවන් හැදෑරීම සඳහා අවස්ථාව උදා කර දී ඇත. මෙම උසස් ජාතික ඩිප්ලෝමාවන් ව්‍යාපාර කළමනාකරණය, පරිඝණක විද්‍යාව සහ ඉංජිනේරු යන අංශයන්ගෙන් හැදෑරීමට සිසුන්ට අවස්ථාව හිමි වේ.

මෙම පාඨමාලාවන් හදාරන සිසුන් හට පාඨාමාලා කාලය තුළ ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් හා පුහුණුව හිමිවන අතර පාඨමාලාවන්ගේ ගුණාත්මකබව නිසා සේවායෝජකයින් අතර BTEC උසස් ජාතික ඩිප්ලෝමා පිළිබඳව ඉහළ පිළිගැනීමක් ඇත' ජාත්‍යන්තර වශයෙන් පිළිගත් BTEC උසස් ජාතික ඩිප්ලෝමා පාඨාමාලාවන් තුන් අවුරුදු උපාධි පාඨමාලාවක පළමු හා දෙවන වසර සමත් වීම හා සමාන සුදුසුකමක් වේ' එනිසා පාඨාමාලාව අවසානයේදී තවත් එක් වසරක් අධ්‍යාපනය ලබා උපාධිය සම්පූර්ණ කිරීමේ අවස්ථාවද සිසුන් හට හිමි වේ.

zzPearson ආයතනය සමඟ අපේ සහයෝගීතාවය තවදුරටත් දීර්ඝ කරමින් ඊඔෑක්‍ උසස් ජාතික ඩිප්ලෝමා පාඨාමාලාවන් සිසුන් වෙත හඳුන්වාදීමට හැකි වීම අපට විශාල සතුටක් a' ශ්‍රී ලාංකික සිසුන් හට ඔවුන් තෝරාගත් වෘත්තීය ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනකට උපකාරී වන දක්ෂතා හා දැනුම සපයන පාඨමාලාවන් හදුන්වාදීමට අපි නිරන්තරයෙන්ම උත්සුක වෙනවා. එමෙන්ම මෙම පාඨමාලාවන් හරහා ඔවුන්ගේ පෞර්ෂ සංවර්ධනයට සිදුවන දායකත්වයද අතිමහත්' ඉදිරියටත් අඛණ්ඩවම අපේ සහයෝගීතාවයන් තවදුරටත් සවිමත් කරගැනීමට අපි අපේක්ෂා කරනවා˜ යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් Saegis Campus ආයතනයේ උප කුලපති මහාචාර්ය නාලක ජයකොඩි මහතා පැවසීය.

ව්‍යාපාර කළමනාකරණ උසස් ජාතික ඩිප්ලෝමාව හැදෑරීමට අපේක්ෂා කරන සිසුන් හට කළමනාකරණය, මූල්‍ය සහ ගිණුම්කරණය හෝ අලෙවිකරණය යන විෂය ධාරාවන්ගෙන් තෝරා ගත හැකි අතර පරිඝණක විද්‍යාව හැදෑරීමට අපේක්ෂා කරන සිසුන් හට මෘදුකාංග ඉංජිනේරු, ජාල ඉංජිනේරු හෝ දත්ත විශ්ලේෂණ යන විෂය ධාරාවන් අතරින් තෝරා ගැනීමට අවස්ථාව පවතී' Saegis Campus ආයතනය නුදුරේදීම ප්‍රමාණ සමීක්ෂණ විෂය (Quantity Surveying) සඳහා උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවක් හඳුන්වාදීමටද නියමිතය.

Saegis Campus ආයතනයේ නායකත්වය සහ දේශක මඬුල්ල ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයින් වන අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් වෘත්තිකයින් වේ.

Saegis Campus ආයතනයේ අධ්‍යයන කටයුතු අධ්‍යක්ෂක මහාචාර්ය ධර්මරත්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය —අධ්‍යාපනය සහ වෘත්තීයමය අතින් ඉහළටම යෑමට සිසුන් හට මඟපෙන්වනගමනක තවත් වැදගත් සංධිස්ථානයක් ලෙස මේ අවස්ථාව හැඳින්විය හැකියි' ශ්‍රී ලාංකික සිසුවෙක්ට ලබාගත හැකි උසස්ම මට්ටමේ අධ්‍යාපනය ශ්‍රී ලංකාවේදීම ලබාගැනීමට අවස්ථාව සැළසීම අපේ අභිප්‍රායයි' අප විසින් සිදුකරන සෑම කර්තව්‍යයක්ම මේ උත්සාහය හා විශ්වාසය මත පදනම්ව ඇති බව මා මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

Saegis Campus ආයතනය වර්තමානයේදී එක්සත් රාජධානියේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය (Canterbury Christ Church University, UK) හා එක්ව උපාධි පාඨමාලාවන් රැසක් පිරිනමන අතර ඊට අමතරව ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලද Saegis Campus ආයතනයේම උපාධි පාඨමාලාවන්ද පිරිනමනු ලබයි s' ඊට අමතරව මෙම ආයතනය විසින් පියර්සන් ආයතනය විසින් සහතික කරන ලද සහතික පත්‍ර හා ඩිප්ලෝමා පාඨාමාලාවන්ද ඕස්ටේ්‍රලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලයේ (Deakin University, Australia) උපාධි පාඨමාලාවන් සඳහා අවස්ථාව සැළසීමද සිදු කරයි s.

Saegis Campus ආයතනය උසස් අධ්‍යාපන ආයතනයකට සරිලන අති නවීනතම පරිඝණක විද්‍යාගාර" භාෂා විද්‍යාගාර" පුස්තකාල" ශිෂ්‍ය විවේකාගාර" වායු සමීකරණය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් දේශන ශාලා" ක්‍රීඩා සහ විවේකාස්වාද පහසුකම්" ඉඩ පහසුව ඇති ආපන ශාලා සහ තවත් බොහෝ පහසුකම්වලින් පරිපූර්ණය' Saegis Campus ආයතනය තුළ සිසුන් හට වෘත්තීය මාර්ගෝපදේශනය සළසන වෘත්තීය උපදේශන අංශයක්ද ක්‍රියාත්මක වන අතර ලියෝ සමාජයක් සහ රොටරැක්ට් සමාජයක්ද සිසුන් විසින් පවත්වා ගෙන යනු ලබයි.

ව්‍යාපාර කළමනාකරණය උසස් ජාතික ඩිප්ලෝමාව, මූල්‍ය හා ගිණුම්කරණය සහ පරිඝණක විද්‍යා උසස් ජාතික ඩිප්ලෝමාව, මෘදුකාංග ඉංජිනේරු සඳහා ජූලි මසදී සිසුන් බඳවා ගැනීම සිදු කෙරෙන අතර වැඩිදුර විස්තර 011 7430000 දුරකතන අංකය අමතා ලබාගත හැකිය.
 

නුගේගොඩ නගර මධ්‍යයේ පිහිටා ඇති Saegis Campus ආයතනය