කොවිඩ් පසෙක ලා Huawei සමාගම ලොව වටා තොරතුරු තාක්ෂණයේ වැඩකරුවන් හට රැකියා උත්පාදනය කරමින් නවෝත්පාදනය ජයගනී!

කොවිඩ් පසෙක ලා Huawei සමාගම ලොව වටා තොරතුරු තාක්ෂණයේ වැඩකරුවන් හට රැකියා උත්පාදනය කරමින් නවෝත්පාදනය ජයගනී!

5 April 2021 01:30 pm

2021.04.01: 2020 වාර්ෂික වාර්තාවට අනුව Huawei හි සමස්ත ශ්‍රම බලකාය 194,000 සිට 197,000 දක්වා 3,000 කින් ඉහළ ගොස් තිබේ.

Huawei හි නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී රෙන් ෂෙන්ග්ෆේ මේ වසරේ ලොව පුරා දක්ෂ තරුණ තරුණියන් 20-30 ක් බඳවා ගන්නා බව ප්‍රකාශ කළ අතර 2022 වන විට ලොව පුරා 200-300 ක් බඳවා ගැනීමට ඔවුන් අපේක්ෂා කරයි.

මේ වසරේදී උපාංග මිලියන 300 ක් සඳහා HarmonyOS නිකුත් කිරීමට ද Huawei තීරණය කර තිබේ. ඔවුන් කාලසටහනක් මේ සදහා නිකුත් කර ඇත. HarmonyOS හි මූලික අරමුණ වන්නේ විවිධ ප්‍රමාණයේ විවිධ උපාංග සවිබල ගැන්වීමයි. විවිධ උපාංගවල එක් මෙහෙයුම් පද්ධතියක් නම්‍යශීලීව යොදවමින් HarmonyOS මුදා හැරීම හුවායි හි පරමාර්ථය වන අතර එමඟින් ඔවුන්ට අයත් උපාංග සියල්ලන්ම ‘පොදු භාෂාවක්’ කතා කරනු ඇත.

තාක්‍ෂණිකව නව්‍යකරණය වෙමින් Huawei සමාගම විසින් නව ස්මාර්ට් ඔරලෝසු, Huawei Vision TV, ප්‍රධාන ඒකක සහ HarmonyOS යෙදවුම් මෘදුකාංගය ලෙස භාවිතා කරන ටැබ්ලට් පරිගණක 2021 වසරේදී හඳුන්වා දෙනු ඇත. එමෙන්ම 5.5G සහ 6G තාක්ෂණයන් ඔවුන්ගේ උපාංග සඳහා ගෙන ඒමටද ඔවුන් බලාපොරොත්තු වේ.

Huawei විසින් නව තාක්ෂණය හා ප්‍රවාහනය යන අංශ 2 ඒකාබද්ධ කිරීම මගින් ප්‍රවාහනය පහසු කරවනු ඇත.

AOS (intelligent driving operating system), HOS (intelligent cockpit operating system) and VOS (intelligent vehicle control operating system) වැනි තාක්‍ෂණික නවෝත්පාදනයන් සමඟ Huawei සංරචක 30 කට වැඩි ප්‍රමාණයක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. Iidar, AR-HUD, and all-in-one powertrain වැනි නිෂ්පාදන විවිධ තාක්‍ෂණික දියුණුවක් ලබා ඇති අතර දැනටමත් විවිධ කර්මාන්ත වල ප්‍රමුඛයා බවට පත්ව ඇත.

 

 

 

 

ව්‍යාපාර සාර්ථකත්වය  

Huawei සමාගම ප්‍රමුඛ පෙළේ දේශීය සහ විදේශීය සමාගම් රැසක් සමඟ සබඳතා ගොඩනඟා ගෙන ඇති අතර, තම ව්‍යාපාර සාර්ථකත්වය විදහා දක්වමින් ලොව පුරා ජාල දහස් ගණනක් එකිනෙක සම්බන්ධ කරමින් ව්‍යවසාය සහ  ප්‍රධාන දේශීය හා විදේශීය සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇත. ව්‍යාපාරයේ සාර්ථකත්වයට සරිලන පරිදි, Huawei විසින් ලොව පුරා ජාල දහස් ගණනක් සම්බන්ධ කරමින්, වාහක සහ ව්‍යවසාය වෙළඳපල යන දෙකම ජයගැනීමට සමත් ව තිබේ.

වාහක වෙළඳපල:

1. රටවල් 170 කට අධික සංඛ්‍යාවක් පුරා වාහක ජාල 1500 කට අධික සංඛ්‍යාවක ස්ථාවර ක්‍රියාකාරිත්වයට සහාය දක්වා ඇත.

2. විශාල නගරවල 5G තාක්ෂණ ජාල අත්දැකීම් පිළිබඳ තුන්වන-පාර්ශවීය පරීක්ෂණ වාර්තා වල Huawei 5G ජාලයන් ඉහළින්ම සිටී.

3. විශාල FDD MIMO යෙදුම ලොව පුරා වාහක 50 කට අධික සංඛ්‍යාවක් විසින් යොදවා ඇති අතර එමඟින් ධාරිතාව ඉහළ නැංවීමට සමත් විය.

4. ලොව පුරා නවෝත්පාදන ව්‍යාපෘති 3000 කට අධික සංඛ්‍යාවක් සඳහා සහභාගී වී ඇති අතර කර්මාන්ත 20 කට අධික සංඛ්‍යාවක් පුරා පැතිරී ඇති 5GtoB ව්‍යාපෘති කොන්ත්‍රාත්තු 1000 කට අධික සංඛ්‍යාවක් අත්සන් කිරීමට වාහකයන් සහ හවුල්කරුවන් සමඟ කටයුතු කර තිබේ.

5. ලොව පුරා වාහකයන් 260 කට වැඩි සංඛ්‍යාවක සිට මිලියන 1.5 කට අධික ඩිජිටල් වෘත්තිකයින්ට පුහුණුව ලබා දී ඇත.

6. 2020 වන විට ගනුදෙනුකරුවන් සහ හවුල්කරුවන් සමඟ සබැඳි සහයෝගීතාව සක්‍රීය කිරීම සහ අඛණ්ඩව බෙදා හැරීම පවත්වා ගැනීම සඳහා ඒකාබද්ධ සේවා සැපයුම් වේදිකාව (ISDP) මත පදනම් වූ උත්තෝලිත ඩිජිටල් තාක්ෂණයන් සහ සම්බන්ධතා රහිත මාර්ගගත විසඳුම් සහ අඩවි මිලියන 2 කට අධික ප්‍රමාණයක් සාර්ථකව බෙදා හැරීම.

7. කුටුම්භ 40 කට අධික සංඛ්‍යාවක 5G FWA සේවාවන් දියත් කරමින් නිවාස 800,000 කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ කිරීමට සමත්ව තිබේ. මෙම සේවාවන් ෆයිබර් මට්ටමේ ජාල වේගයන් ලබා දෙන අතර, ගෘහස්ථ බ්‍රෝඩ්බෑන්ඩ් වෙළඳපොලේ තම කොටස ඉක්මනින් ව්‍යාප්ත කිරීම සඳහා වාහකයන්ට ප්‍රධාන ක්‍රමයක් බවට පත්ව තිබේ.

8. නවෝත්පාදක AirPON විසඳුම: වෙබ් අඩවි අත්පත් කර ගැනීම වඩාත් පහසු කිරීම සඳහා ක්ෂණික රැහැන් රහිත අඩවි සහ දෘශ්‍ය තන්තු සම්පත් ලබා දී ඇත; ලොව පුරා වාහකයන් 30 කට වැඩි සංඛ්‍යාවක් වාණිජමය වශයෙන් යොදවා ඇත.

9. RuralStar ශ්‍රේණි විසඳුම්: රටවල් 60 කට වැඩි ගණනක දුර බැහැර ප්‍රදේශවල වෙසෙන මිලියන 50 කට අධික පාරිභෝගිකයින්ට ජංගම අන්තර්ජාල සේවා සපයා තිබේ.

ව්‍යවසායක වෙළඳපල:

1. නගර 700 කට වැඩි ප්‍රමාණයක් සහ ෆෝචූන් ග්ලෝබල් 500 සමාගම් 253 ක් තම ඩිජිටල් සහකරු ලෙස Huawei තෝරා ගෙන තිබේ.

2. හවුල්කරුවන්ට ප්‍රයෝජනවත් වන සාධාරණ, විනිවිද පෙනෙන සහ සරල ප්‍රතිපත්ති නිරන්තරයෙන් ක්‍රියාත්මක කිරීම සහ එම වටිනාකම් ඔවුන් සමඟ අඛණ්ඩව සහයෝගයෙන් හා බෙදාගෙන තිබේ. 2020 අවසන් වන විට ව්‍යවසාය වෙළඳපොළට සේවය කිරීම සඳහා හවුල්කරුවන් 30,000 කට වැඩි සංඛ්‍යාවක් සමඟ කටයුතු කළ අතර, විකුණුම් හවුල්කරුවන් 22,000 කට අධික සංඛ්‍යාවක්, විසඳුම් හවුල්කරුවන් 1,600 කට අධික සංඛ්‍යාවක්, සේවා සහ මෙහෙයුම් හවුල්කරුවන් 5,400 කට අධික සංඛ්‍යාවක් සහ කුසලතා සන්ධාන 1,600 කට අධික සංඛ්‍යාවක් මීට අදාළ වේ.

3. රජය, මහජන උපයෝගිතා, ප්‍රවාහන, නිෂ්පාදන, බලශක්ති, මූල්‍ය, සෞඛ්‍ය සේවා සහ විද්‍යාත්මක පර්යේෂණ වැනි අංශ ආවරණය වන පරිදි අවස්ථා 600 කට අධික සංඛ්‍යාවක Intelligent Twins ඒකක ස්ථාපිත කිරීමට හවුල්කරුවන් සමඟ කටයුතු කිරීම.

4. ස්මාර්ට් සිටි වැඩපිළිවෙල: 2020 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ නගර 40 කට වැඩි ගණනක කලාප 700 කට අධික සංඛ්‍යාවක යොදවා ඇත. චීනයේ ෂෙන්ෂෙන්, චෙංඩු, ෆුෂු, නැන්චැං, චැංචුන්, හර්බින් සහ ෂැංහයි ඇතුළු නගර ගණනාවක් සමඟ City Intelligent Twins ගොඩනැගීම සඳහා Huawei හවුල්කාරිත්වය දායකත්වය ලබා දී ඇත.

5. 400,000 කට අධික ඉංජිනේරුවන්ට Huawei සහතිකයක් ලැබී ඇති අතර, ඔවුන්ගෙන් 13,000 කට අධික සංඛ්‍යාවක් Huawei සහතිකලත් තොරතුරු සන්නිවේදන තාක්ෂණ විශේෂඥ (HCIE) සහතිකය ලබා ගෙන ඇත. ලොව පුරා කර්මාන්ත ඩිජිටල්කරණයට සහාය වීම සඳහා වටිනා සම්පත් සංචිතයක් සපයා තිබේ.

6. ලොව පුරා ගනුදෙනුකරුවන් 50,000 කට වැඩි පිරිසකට ස්ථාවර, උසස් තත්ත්වයේ සේවාවන් සැපයීම, ඔවුන්ගේ O&M කාර්යක්ෂමතාව සහ පද්ධති ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමට කටයුතු කර තිබේ. ප්‍රධාන ව්‍යාපෘති 600 කට අධික සංඛ්‍යාවක් ඇතුළුව ව්‍යාපෘති 130,000 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කර ඇති අතර ප්‍රධාන පාරිභෝගික ජාල 500 කට අධික සංඛ්‍යාවක සුරක්ෂිත හා ස්ථාවර ක්‍රියාකාරිත්වයට සහාය වී තිබේ.

මූල්‍ය ක්ෂේත්‍රය

ලොව ඉහළම බැංකු 100 න් 47 ක් ඇතුළුව රටවල් 60 කට අධික සංඛ්‍යාවක මූල්‍ය ආයතන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් Huawei සමග කටයුතු කර ඇත.


ප්‍රවාහන ක්ෂේත්‍රය

කර්මාන්ත ශීර්ෂ හයක ඩිජිටල් පරිවර්තනයකට මග සලසන ප්‍රවාහන අංශය සඳහා පුළුල් විසඳුම් මාලාවක් Huawei විසින් සකස් කරන ලදී. ඒවා නම් ස්මාර්ට් ගුවන් සේවා, ස්මාර්ට් නාගරික දුම්රිය, ස්මාර්ට් මහාමාර්ග, ස්මාර්ට් ලොජිස්ටික්ස්, ස්මාර්ට් දුම්රිය හා ස්මාර්ට් වරාය වේ.(smart aviation, smart urban rail, smart highways, smart logistics, smart railways, and smart ports). Huawei රටවල් හා කලාප 40 කට වැඩි ගණනක ගුවන් තොටුපල 100 කට වැඩි ගණනකට සේවා සලසා ඇති අතර Huawei හි ස්මාර්ට් නාගරික දුම්රිය විසඳුම ලොව පුරා නගර 70 කට වැඩි ගණනක නාගරික දුම්රිය මාර්ග 200 කට අධික සංඛ්‍යාවක කටයුතු පහසු කරවාලයි.


බලශක්ති ක්ෂේත්‍රය

Huawei ලොව පුරා විදුලි බල සමාගම් 190 කට වැඩි සංඛ්‍යාවක් සමඟ පුළුල් හවුල්කාරිත්වයක් ඇති කර ගෙන ඇති අතර ලොව හොඳම තෙල් හා ගෑස් සමාගම් 20 න් 17 ක් සහ ලොව හොඳම පතල් සමාගම් 20 න් 17 ක් සඳහා ඩිජිටල් සේවා සපයයි.


උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය

රටවල් 70 කට වැඩි ගණනක විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන 2,600 කට වැඩි සංඛ්‍යාවක් සදහා සිය ඉගැන්වීම් ඉගෙනීම් ක්‍රියාවලිය පහසු කරවීමට Huawei සමාගම දායක වී ඇත. එමෙන්ම ඔවුන් විසින් ප්‍රාථමික හා ද්විතීයික පාසල් සඳහා HUAWEI CLOUD මත පදනම් වූ cloud platform සේවා සපයා දී ඇති අතර COVID-19 වසංගතය හේතුවෙන් පාසල් යාමට නොහැකි වූ මිලියන 50 කට අධික සිසුන්ට ඉන් ප්‍රතිලාභ ලැබුණි.


සෞඛ්‍ය ක්ෂේත්‍රය

චීනය, තුර්කිය, ඉන්දුනීසියාව සහ ජර්මනිය ඇතුළු රටවල රෝහල් 1500 කට අධික සංඛ්‍යාවක් ඩිජිටල් තාක්‍ෂණය භාවිතය වැඩි කිරීමට සහ ස්මාර්ට් සෞඛ්‍ය සේවා සැපයීමට Huawei සමාගම සහයෝගය දක්වා ඇත.


අන්තර්ජාලය, බුද්ධි විශ්ව විද්‍යාල (Intelligent Campuses) සහ දත්ත මධ්‍යස්ථාන

ලොව පුරා අන්තර්ජාල සමාගම් 2,100 කට අධික සංඛ්‍යාවක් සඳහා අන්තර්ජාල සම්බන්ධතාවය, දත්ත මධ්‍යස්ථාන යටිතල පහසුකම් සහ HUAWEI CLOUD විසඳුම් ලබා දීමට සමාගම මැදිහත් වී ඇත. රජය, මූල්‍ය, බලශක්ති සහ ප්‍රවාහන ඇතුළු කර්මාන්තවල ගෝලීය වශයෙන් ගනුදෙනුකරුවන් 12,000 කට අධික සංඛ්‍යාවකට සහය සැපයීමට Huawei විසින් විසින් දත්ත මධ්‍යස්ථාන යටිතල ව්‍යුහයන් ස්ථාපිත කරන ලදී. 

දිගු කලක් බලා සිටි 5.5G සහ 6G තාක්ෂණයන් අත ළගයි!

3G සහ 4G සමඟ සසඳන විට 5G ජාල ඉදිකිරීම හා පරිශීලක සංවර්ධනය අතින් පෙර නොවූ විරූ වේගයකින් සංවර්ධනය වෙමින් පවතී. මේ දක්වා ලොව පුරා වාණිජ 5G ජාල 110 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති අතර 5G අඩවි 800,000 කට වැඩි ප්‍රමාණයක් සහ අඩවි 700,000 චීනයේ ස්ථාපිත කර ඇත. Huawei Strategy Office දත්ත වලට අනුව, 3G යුගය තුළ ජාල 9 ක් සහ අඩවි 20,000 ක් පමණක් යොදවා ඇති අතර, 4G යුගයේදී ජාල 19 ක් පමණක් යොදවා ඇති අතර, එමගින් අඩවි 140,000 ක් ආවරණය කර ඇත. 5G ස්මාර්ට්ෆෝන් මිලදී ගැනීම් 60% කට වඩා වැඩිවී ඇත. වසරක් තුළ ලොව පුරා 5G භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 200 ඉක්මවා ඇති අතර පිළිවෙලින් 3G සහ 4G යුගයන්හි එම සංඛ්‍යා 320,000 සහ 400,000 ලෙස සටහන් වේ.

5G තාක්ෂණය සමග නව සේවාවන් වේගයෙන් සංවර්ධනය වෙමින් පවතී. කර්මාන්ත දහස් ගණනක් සඳහා, ස්මාර්ට් කාර්, ස්මාර්ට් කර්මාන්තශාලා, ස්මාර්ට් සෞඛ්‍ය සේවා, ස්මාර්ට් අධ්‍යාපනය, නාගරික ආරක්ෂාව, ඩ්‍රෝන් ඇතුළු සේවා වලට පමණක් සීමා නොවී තවත් කර්මාන්ත දුසිම් ගණනකට 5G තාක්ෂණය යෙදවීම සදහා ගවේෂණය කිරීමට Huawei සමාගම තවත් සමාගම් හා හවුල්ව කටයුතු කර ඇත.

ජංගම සන්නිවේදන නවෝත්පාදනයන් සඳහා දිගු කලක් බලා සිටි 5.5G තාක්‍ෂණික ප්‍රමිතීන් මේ වන විට Huawei සමාගම විසින් ප්‍රවර්ධනය කරමින් සිටියි. අනාගත පරිශීලකයින්ගේ සහ කර්මාන්ත අවශ්‍යතා සපුරාලීම සඳහා 5.5G හි අර්ථ දැක්වීම පරිශීලකයන් වෙත මුදාහරීමද ඔවුන් විසින් සිදු කර ඇත. Huawei සමාගම විසින් 5.5G හි සම්පත් ආයෝජනය කිරීම, 5.5G ප්‍රමිතීන් සහ කර්මාන්ත පරිසර පද්ධති නව්‍යකරණය කිරීම හා ප්‍රවර්ධනය කිරීම දිගටම කරගෙන යනු ඇත.