මෙරට විශාලතම චොකලට් හා බිස්කට් කර්මාන්ත ශාලාව හෝමාගමට - ආයෝජකයා ධම්මික පෙරේරා

මෙරට විශාලතම චොකලට් හා බිස්කට් කර්මාන්ත ශාලාව හෝමාගමට - ආයෝජකයා ධම්මික පෙරේරා

5 March 2021 10:20 am

මෙරට වාර්ෂික බිස්කට් හා චොකලට් ඉල්ලුම සම්පූර්ණයෙන් සපුරාලිය හැකි දැවැන්ත, බිස්කට් හා චොකලට් කර්මාන්ත ශාලාවක් සඳහා ආයෝජනය කිරීමට මෙරට පුමුඛතම ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා සූදානම් වෙනවා. හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ අක්කර 35 ක භූමියක අදාල කර්මාන්ත ශාලාව ඉදිකිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් සකස් කරමින් පවතී.

මෙරට ඉල්ලුමට සරිලන ප්‍රමාණයෙන් බිස්කට් හා චොකලට් නිෂ්පාදනය කළද ඉන් දේශීය වෙළඳපොල සඳහා නිදහස් කරන්නේ 15% ක ප්‍රමාණයක් පමණි. ඉතිරි ප්‍රමාණය ජාත්‍යන්තර වෙළඳපොල ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කිරීමටයි සැළසුම් කර තිබෙන්නේ. ඒ් අනුව ලොව ප්‍රධාන පෙළේ සන්නාමයන්ගෙන් එන බිස්කට් වර්ග 5 ක් සහ චොකලට් වර්ග 3 ක් මෙම කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කිරීමට නියමිතය.

මීට අමතරව මෙම කර්මාන්තශාලා පරිශ්‍රය තුළ මහාපරිමාණ කොකෝවා වගාවක්ද ආරම්භ කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ් අනුව මෙතෙක් නිවර්තන කලාපීය දේශගුණික තත්ත්වයක් යටතේ පමණක් බහුලව දැකිය හැකි වූ දර්ශනීය කොකෝවා වගාවක් නුදුරේදීම කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම පුරවරයේදී දැකගත හැකිවනු ඇත.

මෙම කර්මාන්ත ශාලාව හරහා නව රැකිය 1,500 ක් නිර්මාණය වනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

UN