OPPO විශිෂ්ට තත්වය පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා ප්‍රවර්ධන වැඩසටහනක්

OPPO විශිෂ්ට තත්වය පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා ප්‍රවර්ධන වැඩසටහනක්

12 November 2020 01:30 pm

ලොව නිර්මාණශීලී හා ලාභදායී ජංගම දුරකථන හා උපාංග සම්බන්ධ ප්‍රමුඛයා වන OPPO සමාගම සිය නිෂ්පාදනවල උසස් තත්ත්වය සම්බන්ධ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් 2020 නොවැම්බර්  මාසය තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු  කර තිබේ. OPPO දුරකතන සහ අනෙකුත් උපාංග, වෙළඳපොළේ ඇති අනෙකුත් නිෂ්පාදන හා උපාංග අතරින් වෙනස්වන ආකාරය පෙන්වා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත. 

ඒ අනුව, OPPO දුරකථන හා උපාංග නිපදවෙන ආකාරය පෙන්වන වීඩියෝ දර්ශන එකතුවක් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්කිරීමට OPPO කටයුතු කරමින් සිටී. නිෂ්පාදනයේදී විශිෂ්ටත්වය සම්බන්ධයෙන් OPPO සමාගම දක්වන ප්‍රමුඛත්වය සහ සැලකිල්ල සහ එම සැලකිල්ල නිසා උසස් තත්ත්වයෙන් යුත් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට සමාගමට හැකි වී ඇති ආකාරය, වාර්තා වැඩසටහන් ස්වරූපයෙන් නිර්මාණය කර ඇති මෙම වීඩියෝ දර්ශන තුළින් පෙන්නුම් කෙරේ. 

මීට අමතරව, OPPO නිෂ්පාදනවල උසස් තත්ත්වය සම්බන්ධ සැබෑ තීරකයන් බවට පත්වෙමින්, ඒ පිළිබඳව තම අදහස් හා අත්දැකීම් බෙදාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමටද OPPO කටයුතු කර ඇත. ඒ අනුව OPPO නිල Facebook සහ Instagram (@OPPOSriLanka)පිටුවෙත පිවිසී,  #MyOPPOStory හෑෂ්ටැග් සහිතව තම අත්දැකීම් සඳහන් කිරීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවේ. එම පාරිභෝගික අත්දැකීම් shorturl.at/egyO4 පිටුවෙත පිවිසීමෙන් නැරඹිය හැක.

BENFEN සංකල්පය තම සම්ප්‍රදායේ වැදගත් අංගයක් ලෙස සලකන OPPO සමාගම, එය ගතානුගතික සීමාවන් ඉක්මවා යමින් නවෝත්පාදන සිදුකිරීමට තමන්ට පිටුබලය සපයන බව විශ්වාසකරයි. පාරිහෝගිකයන් කේන්ද්‍රකරගත් තම ප්‍රවේශය පිළිබඳව අදහස් දක්වමින් OPPO සමාගමේ ජ්‍යෙෂ්ඨ ව්‍යුහ ඉංජිනේරු (F Series දුරකථන) සෑම් චෙන් මහතා මෙසේ පැවසී ය. “දුරකථන භාවිතාකරන්නන් සාමාන්‍යයෙන් අති-සිහින් හා අති-සැහැල්ලු උපාංග බලාපොරොත්තු වනවා. අපගේ වගකීම වන්නේ ඒ ආකාරයට සිහින් හා සැහැල්ලු ලෙස දුරකථන නිපදවන අතරම ඒවායේ ශක්තිය නොවෙනස්ව පවත්වා ගැනීමයි. මේ ක්‍රියාවලිය තුළදී අප අඛණ්ඩව අත්හදාබැලීම්, සංසන්දනය කිරීම් සහ තහවුරු කරගැනීම් සිදුකරනවා. නිසි අගයට පැමිණෙන තුරු මෘදු පීඩන පරීක්ෂණ වැඩිකිරීමට හැකිවන්නේ ඉන් අනතුරුවයි.”

නොනවතින ප්‍රගතිය ඔස්සේ අඛණ්ඩව විශිෂ්ටත්වය පවත්වා ගැනීම යනු OPPO සමාගමේ තත්ත්වය සම්බන්ධ ප්‍රතිපත්තිය වේ. මේ සඳහා, මූලික පරීක්ෂණ වල සිට මහා පරිමාණයෙන් නිපදවීම දක්වා වන පරාසය තුළ, ඉහළම මට්ටමේ ශක්තිය, කල්පැවැත්ම හා ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම සඳහා, සෑම නිෂ්පාදනයක්ම එකිනෙකට වෙනස් පරීක්ෂණ 130 කට පමණ භාජනය කෙරේ. පාරිහෝගික ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සලසන නවීන තාක්ෂණයන් හාවිතා කිරීම නිසා OPPO සමාගමට මෙවැනි විශිෂ්ටත්වයක් අත්කර දීමට පැහැදිලිවම ඉවහල් වී ඇත. 

2015 වසරේදී තම නිෂ්පාදන මුලින්ම ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් OPPO, උසස් ප්‍රමිතියෙන් යුත් දුරකථන හා අනෙකුත් උපාංග සහන මිලට ලබාදීම නිසා ඉක්මනින්ම පාරිභෝගිකයන් අතර ජනප්‍රිය විය. පුළුල් අලෙවි නියෝජිත ජාලය නිසා වැඩිදෙනෙකුට තම නිෂ්පාදන සමීප කරවීමට OPPO සමත්වූ අතර, CoVid-19 හේතුවෙන් මුල්කාලීනව සිදුවූ ඇඳිරි නීතිය පැනවීම් වලින් අනතුරුව හඳුන්වාදුන් Flash Fix සේවාව ඇතුළුව අනෙකුත් විශිෂ්ට මට්ටමේ අලෙවියෙන් පසු සේවාවන්ද එහි ජනප්‍රියත්වයට බලපා තිබේ. පුහුණු වෘත්තිකයන් විසින්, නියම OPPO අමතර කොටස් යොදාගෙන, පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් හා ආරක්ෂාවක් ලැබෙන ආකාරයට ඉක්මනින් උපාංග අලුත්වැඩියා කරදීමේ අරමුණින් ආරම්භකරන ලද Flash Fix සේවාවද, 2020 වසරේදී දකුණු ආසියානු කලාපය තුළ පාරිභෝගික තෘප්තිය අතින් 99% මට්ටමට ළඟාවීමට OPPO සමාගමට හැකිවීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ.