SLT Fibre තාක්ෂණයෙන් Unitown Residencies නිවැසියන්ට පරිපූර්ණ ස්මාර්ට් ඩිජිටල් අත්දැකීමක්

SLT Fibre තාක්ෂණයෙන් Unitown Residencies නිවැසියන්ට පරිපූර්ණ ස්මාර්ට් ඩිජිටල් අත්දැකීමක්

9 November 2020 04:53 pm

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික, ඩිජිටල් සේවා සම්පාදනයේ පෙර ගමන්කරුවා මෙන්ම ජාතික බ්‍රෝඩ්බෑන්ඩ් යටිතල පහසුකම් සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) විසින් BOI අනුමත දේපල සංවර්ධන හා ඉදිකිරීම් සේවා සමාගමක් වන Asian Silk Route Private Limited සමග තාක්ෂණික සේවා සැපයුම් අවබෝධතා ගිවිසුමකට එළෙඹ තිබේ.

එම ගිවිසුම් පත‍්‍රය අනුව කොළඹ 09 ඉදිවෙමින් පවතින Asian Silk Route Private Limited සමාගමේ සුඛෝපභෝගී නිවාස 64 ක් සහිත මහල් 10 කින් යුතු Unitown Residencies මහල් නිවාස සංකීර්ණය සඳහා SLT විසින් සන්නිවේදන තාක්ෂණික හා අධිවේගී අන්තර්ජාල පහසුකම් සලසනු ලැබේ. මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම SLT වෙනුවෙන් එහි ප‍්‍රධාන විකුණුම් හා කළාප නිලධාරී ඉමන්ත විජේකෝන් සහ සාමාන්‍යාධිකාරී චේතන අත්තනායක යන මහත්වරුන් හා Asian Silk Route Private Limited පාර්ශ්වය වෙනුවෙන් එහි සභාපති සොව් වන්ශෝ, මෙහෙයුම් අධ්‍යක්ෂ ෆස්මින් ශහාබ්දීන් මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ කොටුව, SLT පරිශ‍්‍රයේදී සිදු කෙරිණ.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව, Asian Silk Route Private Limited විසින ් ඉදිකරන ු ලබන Unitown Residencies සුඛෝපභෝගී මහල් නිවාස සංකී3⁄4ණයේ නිවැසියන් වෙත අති නවීන SLT ෆයිබ3⁄4 යටිතල පහසුකම් සමග නූතනත්වය ම ුසු සුවපහසු ඩිජිටල් ජීවන රටාවක් හිමි වේ. SLT සුප ිරි අධිවේගී අන්ත3⁄4ජාල සබඳතා, අති සුපැහැදිලි හඬ සේවාව සහිත දුරකතන ඇමතුම් පහසුකම් මෙන්ම PEO TV සහ PEO Go ඔස්සේ හිමිවන HD රූපවාහිනී දසුන් එම නිවැසියන්ගේ එදිනෙදා දිවිය වඩාත් පහසුකිරීමෙහිලා සමත්වනු ඇත.  “Smart Buildings” සංකල්පය යටතේ නව ලොවට ගැලපෙන ස්මා3⁄4ට් තාක්ෂණික පරිසරයක් Unitown Residencies සුඛෝපභෝගී මහල් නිවාස සංකී3⁄4ණය තුළද ගොඩනංවන්නට SLT අපේක්ෂා කරය ි. ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීමෙහිලා ඩිජිටල් තාක්ෂණික සේවා සැපයීමේ පුරෝගාමී SLT ජාතික මෙහෙවර තුළ මෙම අවබෝධතා ගිවිසුම තවත් එක් සුවිශේෂී මං සලකුණක් වනු ඇත.

මෙම තාක්ෂණික සේවා සැපයුම් අවබෝධතා ගිවිසුම පිළිබඳ Asian Silk Route Private Limited පාර්ශ්වය වෙනුවෙන් එහි සභාපති සොව් වන්ශෝ මහතා අදහස් දක්වමින් 'අප සමාගම මෙතෙක් අනුගමනය කළ උසස් තත්ත්වයේ සේවා සම්පාදන සංස්කෘතියටත් නූතන ඩිජිටල් ජීවන රටාවටත් වඩාත්ම ගැලපෙන තොරතුරු තාක්ෂණික ඩිජිටල් සේවා සැපයුම්කරුවා තෝරා ගැනීම පිළිබඳ අප විශේෂයෙන්ම සැලකිලිමත් වුණා. SLT සතු ක්ෂේත‍්‍රයේ විශේෂඥතාවය සහ අති නවීන සන්නිවේදන තාක්ෂණික ශක්තියත් සමග වාර්තා කළ අතිසාර්ථකත්වය නිසා අපි SLT සමග මෙම සේවා සහයෝගීතා ගිවිසුමට එළඹුණා.' යැයි පැවසීය.

SLT පාර්ශ්වය වෙනුවෙන් අදහස් දැක්වූ එහි ප‍්‍රධාන විකුණුම් හා කළාප නිලධාරී ඉමන්ත විජේකෝන් මහතා 'අප රටේ ආර්ථික සංවර්ධනයට Unitown Residencies සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය වැනි ඉදිකිරීම් ව්‍යාපෘති ඉතා වැදගත්. ඉදිකිරීම් සඳහා හොඳම ඉදිකිරීම් වැඩ පරිසරයක් පවත්වාගෙන යන අතරේ හොඳම තොරතුරු තාක්ෂණික හා ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් ඇතුලත් කරගැනීම අරමුණු කරගෙන SLT තෝරාගැනීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. තොරතුරු තාක්ෂණික හා ඩිජිටල් යටිතල පහසුකම් සේවා සැපයීම් ක්ෂේත‍්‍රයේ SLT අප සතු විශේෂඥතාවයෙන් Unitown Residencies සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ සේවා සපයන්නට අපට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අප Asian Silk Route Private Limited කළමනාකාරීත්වයට ස්තූතිවන්ත වෙනවා. සුපිරි අධිවේගී SLT fibre තාක්ෂණයෙන් Smart Buildings සංකල්පය යථාර්ථයක් බවට පත් කරමින් Unitown Residencies නිවැසියන්ට ජාත්‍යන්තර මට්ටමේ ඩිජිටල් අත්දැකීමක් ලබා දෙන්නට අප සූදානම්.' යැයි පැවසීය.