මුදල් රාජ්‍ය ඇමති සහ චීන වැඩ බලන තානාපති අතර විශේෂ සාකච්ඡාවක්

මුදල් රාජ්‍ය ඇමති සහ චීන වැඩ බලන තානාපති අතර විශේෂ සාකච්ඡාවක්

16 October 2020 08:18 pm

චීනයේ වැඩබලන තානාපති හූ වෙයි මහතා, මුදල්, ප්‍රාග්ධන වෙළෙඳ පොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ මහ බැංකු අධිපති අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් යන මහත්වරුන් හමුවී ඊයේ (15දා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.

චීනයේ දේශපාලන මණ්ඩල සභික හා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම විදේශ කටයුතු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ යැං ජීචි මහතා සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවේ දිගුවක් ලෙස මෙම සාකච්ඡාව පවත්වනු ලැබීය.

ඒ අනුව මෑතකදී පැවති ඉහළ පෙළේ සාකච්ඡාවලදී හඳුනාගත් සහ ක්‍රියාත්මක කළ යුතු මූල්‍ය උපකරණ හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් විය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඒ. රත්නායක සහ මහ බැංකු සහකාර අධිපති ධම්මික නානායක්කාර යන මහත්වරුන්ද සහභාගී වූහ. තානාපතිවරයා සමග පැවති රැස්වීමට චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ලුවෝ චොං මහතාද, තෙවැනි ලේකම් ධුර ෂී ෂියාඕරු මහත්මියද සහභාගි වූහ.