ව්‍යාපාරික ලොවේ තතු LNW Business නමින්

ව්‍යාපාරික ලොවේ තතු LNW Business නමින්

22 September 2020 12:50 am

අප වෙබ්අඩවියේ නව මුහුණුවරක් ගනිමින් ව්‍යාපාරික ලොවේ තතු ඔබ වෙත රැගෙන ඒමට LNW Business නමින් අඩවියක් විවෘත වීමට නියමිතව තිබෙනවා.

LNW Business තුළින් ව්‍යාපාරික හා ආර්ථිකය පිළිබඳ නවතම පුවත් ඇතුළුව “hard Talk”, “The Rich Sri Lankans” ආදී විශේෂාංග ද ක්‍රියාත්මක වීමට නියමිත අතර, පළමුවරට වෙබ් නාලිකාවක් ද දියත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. 

එසේම, මෙම නව ව්‍යාපාරික වෙබ්අඩවිය හරහා ආර්ථික හා ව්‍යාපාරික ලෝකයේ බොහෝ සිත්ඇදගන්නා සුළු තොරතුරු, ඉඟි හා මෙරට ඉහළ පෙළේ ව්‍යාපාරිකයින්ගේ වතගොත පිළිබඳව ද කරුණු දැක්වීමට අපේක්ෂාවෙන් පසුවනවා.

LNW Business හි දෙවන අදියරක් ලෙස ව්‍යවසායක හෝ නායකත්ව උපදෙස් ලබා ගැනීම සඳහා වෙන්වූ විශේෂිත අංගයක් විවෘත වීමට නියමිත අතර, එහිදී මෙරට ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආර්ථික විශ්ලේෂකයින් සමඟ සිදුකරනු ලබන සාකච්ඡා ඔබ වෙත ගෙන එනු ලබනවා.

LNW Business වෙබ්අඩවිය විශේෂ පුවත් සහ පුවත් විශ්ලේෂණය වැනි අතිරේක සම්පත් සඳහා ප්‍රවේශය ලබා දීමට ද අපේක්ෂා කරනු ලබනවා. ඒ තුළින් මූල්‍ය හා බැංකු ක්ෂේත්‍රයේ සේවය කරන පුද්ගලයින් ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ද අපගේ නව වෙබ් ප්‍රවේශය උපකාරී වනු ඇති. බොහෝ පුවත් සහ ලිපි මූල්‍යමය වශයෙන් කේන්ද්‍රගත වූවද, ඒ තුළ අඩංගු සංකීර්ණ කරුණු අවබෝධ කර ගැනීමට පහසු අන්දමින් ඉදිරිපත් වනු ඇත. 

මෙම වෙබ් අඩවිය රජයේ හා පෞද්ගලික අංශයේ ඉහළ නිලධාරීන් විසින් ගනු ලබන තීරණ අර්ථාන්විත විවේචනයකට බඳුන් කරමින් විශ්ලේෂණය කරනු ඇත. ඔවුන්ගේ අතීත වාර්තා, ඔවුන්ගේ ගමන්මඟ, සහ ඔවුන් ව්‍යාපාරික ලොව තුළ මෙන්ම රට තුළ ඇතිකරන බලපෑම පිළිබඳව අවධානය යොමුකිරීමට අප බලාපොරොත්තු වනවා.

මෙම වෙබ්අඩවිය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ සහ මතභේදයන් ට තුඩුදුන් නායකයින් පිළිබඳ විස්තර සැපයීමට අපේක්ෂා කරන අතර, එමඟින් මෙම වෙබ්අඩවිය ගවේශනාත්මක මාධ්‍යකරණයකට ප්‍රමුඛතාව ලබා දෙනු ඇත.

මේ වන විට අප වෙබ්අඩවිය දෛනිකව මිලියන භාගයකට අධික ගෝලීය පරිශීලනයකින් සමන්විත වන බැවින්, මෙම ව්‍යාපාරික වෙබ්අඩවිය විවෘත කිරීමේ අරමුණ වන්නේ නවතම ප්‍රවෘත්ති සහ වර්තමාන දේශීය ලෝක ව්‍යාප්ත ප්‍රවණතා සමඟ යාවත්කාලීනව තබා ගත හැකි හොඳම වෙබ් අඩවි අතරට පැමිණීමයි. 

ඒ තුළින් ජාලගත ලේඛකයන් හා සම්බන්ධ වීමට ද අප අපේක්ෂා කරනවා.

මෙකී වෙබ්අඩවිය කළමනාකරණය කරනු ලබන්නේ දිවයිනේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පුද්ගලයකු විසිනි.

 

<header class="inner-content" style="box-sizing: border-box; color: rgb(33, 37, 41); font-family: -apple-system, BlinkMacSystemFont, " segoe="" ui",="" roboto,="" "helvetica="" neue",="" arial,="" "noto="" sans",="" sans-serif,="" "apple="" color="" emoji",="" "segoe="" ui="" symbol",="" emoji";="" font-size:="" 16px;"="">

 


P.B. Jayasundara

 


Dhammika Perera

 


Ajith Nivard Cabraal