ඉරාන-ඇමරිකා අර්බුදය කොළඹ කොටස් වෙළඳපොලටත් බලපෑම් කරයි - සැලකිය යුතු බිඳවැටීමක්

ඉරාන-ඇමරිකා අර්බුදය කොළඹ කොටස් වෙළඳපොලටත් බලපෑම් කරයි - සැලකිය යුතු බිඳවැටීමක්

8 January 2020 08:54 pm

ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර මතුව තිබෙන අර්බුදකාරී තත්වය හේතුවෙන් කොළඹ කොටස් වෙළඳපොල තුළ සැළකිය යුතු පසුබෑමක් ඇතිව තිබෙනවා. එහි දෛනික වාර්තාවලට අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 127.25 කින් පහළ ගොස් ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 2.11% ක පසුබෑමකි.

මීට පෙර මෙවැනි ප්‍රබල පසුබෑමක් ඇතිවූයේ පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් පසුවයි.

ඇමරිකානු ප්‍රහාරයක් හේතුවෙන් ඉරාන හමුදා නායකයා මරණයට පත් වූ අතර ඉන්පසු ඊට පිළිතුරු ලෙස ඉරානය, ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු වෙත ප්‍රහාරයක් එල්ල කළේය. මෙම ප්‍රහාරය හේතුවෙන් ඇමරිකානු සෙබළුන් 80 ක් පමණ ජීවිතක්ෂයට පත්විය.

මෙම අර්බුදය හේතුවෙන් ලොව බොහෝ රටවල් කොටස් වෙළඳපොල තුළ පසුබෑම් වාර්තා වී තිබේ.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ලෝක වෙළඳපොලේ බොර‍තෙල් මිල ද සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි.

UN