’’DLB සත්කාර’’ හත්වන වෛද්‍ය කඳවුර හම්බන්තොට දිස්ත්‍රික්කයේදී

’’DLB සත්කාර’’ හත්වන වෛද්‍ය කඳවුර හම්බන්තොට දිස්ත්‍රික්කයේදී

29 October 2019 04:00 pm

සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි නියෝජිත සහ අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් "DLB සත්කාර" යන තේමාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන වෛද්‍ය කඳවුරු මාලාවේ තවත් අදියරක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී. 

එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිත සහ අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වන ලද අතර එය මෙම වෛද්‍ය කඳවුරු මාලාවේ හත්වන වෛද්‍ය කඳවුරයි. 

පසුගිය ඔක්තෝම්බර් 13 වන දින පවත්වන ලද මෙම වෛද්‍ය කඳවුර සඳහා 300කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර එහිදී වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමඟින් ඖෂධ ලබාදීමත් අක්ෂි පරික්ෂාව සමඟින් ඇස් කණ්නාඩි ලබාදීමත් සිදුවිය. 

මේ සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා,නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි චානක දොඩන්ගොඩ මහතා,සහකාර සාමාන්‍යාධිකාරි (විකුණුම්) සුනිල ජයරත්න මහතා,හම්බන්තොට දිස්ත්‍රික් කලාප කළමනාකරු මහින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.