සිංගර් Huawei සැණකෙළි උත්සවාකාරයෙන් ඇරඹේ

සිංගර් Huawei සැණකෙළි උත්සවාකාරයෙන් ඇරඹේ

23 August 2019 03:30 pm

සිංගර් සහ Huawei එක්ව සිංගර් ප්‍රදර්ශනාගාරයන් තුළින් මිළදී ගන්නා නව Huawei ස්මාර්ට් ජංගම දුරකථනයක් සඳහා ආකර්ශනීය වට්ටම් සහ ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් හඳුන්වා දී තිබේ. Huawei ස්මාර්ට් දුරකථනයක් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් පසු වන ඕනෑම අයෙකුට අගෝස්තු 31 දක්වා මෙම මිල අඩු කිරීම් සහ දීමනා භුක්ති විඳීමට අවස්ථාව ලැබේ. 

මේ පිළිබඳ අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා සමුහයේ අළෙවි අධ්‍යක්ෂ කුමාර්  සමරසිංහ මහතා සඳහන් කළේ සිංගර් ආයතනය වසර ගණනාවක සිට සිය වටිනා පාරිභෝගිකයින්ගේ පහසුව හා තෘප්තිය පිණිස විවිධාකාරයේ ආකර්ශනීය වට්ටම් සහ දීමනා ලබා දෙන ආයතනයක් බවයි. ශ්‍රී ලංකාවේ Huawei උපාංග සඳහා ජාතික ඛෙදාහරින්නා වීම ගැන අපි ආඩම්බරයට පත්  වනවා. සියළුම සිංගර් ප්ලස් සහ සිංගර් මෙගා අලෙවිසැල් හරහා මිලදී ගැනීම් සිදුකරන නව Huawei ස්මාර්ට් දුරකථන සඳහා ත්‍යාග සහ සුවිශේෂී දීමනා ලබාගත හැකි සතුටින් ප්‍රකාශ කර සිටිනවා යනුවෙනි. 

සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී  ශ්‍රී ලංකාවේ විශාලතම ඛෙදාහැරීම් ජාලය හිමි සමාගම ලෙස ප්‍රදර්ශනාගාර 430 කට අධික ප්‍රමාණයක් සහ 2800 කට අධික වෙළෙද නියෝජිත ජාලයක් දිවයින පුරා පවත්වාගෙන යන සමාගමකි. මෙම ඛෙදාහැරීම් ජාලයට සමගාමීව අලෙවියෙන් පසු සේවා ජාලයක් ද සිංගර් (ශ්‍රී ලංකා) විසින් පවත්වාගෙන යනු ලබයි. තවද  මිලදී ගැනීම් වලදී පාරිභෝගිකයා වෙත  වඩාත් නම්‍යශීලි  සේවාවක් සපයන සිංගර් ශ්‍රී ලංකා පොලි රහිත ගෙවීම් ක්‍රම, විශේෂ මිල අඩුකිරීම්, සිංගර් වට්ටම්, පහසු ගෙවීමේ ක්‍රම, ක්‍රෙඩිට් කාඩ් සඳහා නොමිලේ දීමනා ආදී වරප්‍රසාද රැසක් පිරිනමනු ලබයි. සිංගර් ශ්‍රී ලංකා සමාගම අඛණ්ඩව වසර 13කදී ජනතා සන්නාමය ලෙස සම්මාන ලබා ඇති අතර මෙරට අංක එකේ පාරිභෝගික සමාගම ලෙස තවත් සම්මාන රැසක් හිමිකරගෙන සිටියි.