OPPO වෙළෙඳනාම අනන්‍යතාවට නව වෙනසක් ; Reno නිෂ්පාදන පෙළ සමඟ ප්‍රීම්යම් ඛාණ්ඩයේ ස්ථාවරත්වය තවත් ශක්තිමත් කර ගනියි

OPPO වෙළෙඳනාම අනන්‍යතාවට නව වෙනසක් ; Reno නිෂ්පාදන පෙළ සමඟ ප්‍රීම්යම් ඛාණ්ඩයේ ස්ථාවරත්වය තවත් ශක්තිමත් කර ගනියි

3 June 2019 06:05 am

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් ෆෝන් සන්නාමයක් වන OPPO, සිය පාරිභෝගිකයා කේන්ද්‍ර කොට ගත් කැපවීම යළි අවධාරණය කරමින්, නිෂපාදනයන්හි සෑම අංශයකම ගුණාත්මකබව, නිර්මාණශීලීත්වය සහ අනන්‍යතාව මූලික කොට ගත් නව සන්නාමයක් ලෙස සිය සන්නාම අනන්‍යතාවට නව අරුතක් ලබා දෙයි. ස්මාර්ට්ෆෝන් ක්ෂේත්‍රයේ නවෝත්පාදන පුරෝගාමියකු වන OPPO, 2019 අප්‍රේල් මාසයේදී නිකුත් කරන ලද Counterpoint Research හි වාර්තාවට අනුව පෙර නොවූ විරූ 863% ක වර්ධනයක් සමඟින් ප්‍රීමියම් ඛාණ්ඩයේ ලොව වඩාත්ම වේගයෙන් වර්ධනය වන ස්මාර්ට් ෆෝන් සන්නාමය බවට පත්ව ඇත.

එවැනි දැවැන්ත වර්ධනයකින් සහ ප්‍රීමියම් ඛාණ්ඩයේ පාරිභෝගියකන්ගෙන් ලද ප්‍රතිචාර මඟින් දිරි ගැන්වුණු OPPO, නිව්යෝක් නගරයේ සුප්‍රසිද්ධ මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන 'එඩී ඔපරා' සමඟ නව සන්නාමයක් වෙනුවෙන් සහයෝගීතා ගිවිසුමකට එළැඹිණි. OPPO හි නව වෙළෙඳනාම සන්නාමය, දිනෙන් දින අත් කරගන්නා වර්ධනයේ සහ සාර්ථකත්වයේ මනා පිළිඹිබුවකි. නව සන්නාම ලාංඡනය (Brand Logo) සරල මෙන්ම සමමිතික නිරූපණයකි. කැපීපෙනෙන වක්‍රාකාර (Curve) හැඩතල සහිත නව OPPO ලාංඡනය, සුවිශේෂී වූ නව මානයකට අපව රැගෙන යයි. මෙම ලාංඡනය නව වර්ණ පද්දතියකින් සහ දෘෂ්‍ය සැකැස්මකින් සමන්විත අතර ප්‍රථම වතාවට 'OPPO Sans' අකුරුවලින් හැඩ ගැන්වී ඇත. ලෝකය පුරා නව්‍ය වෙළෙඳපලවලට OPPO දිනෙන් දින ව්‍යාප්ත වීමත් සමඟ මෙම නව සන්නාමයේ නිරූපණය එහි හිමිකාරත්වයේ සලකුණ බවට පත්වෙමින් ඇත.

සිය නිර්මාණශීලීත්වය සහ නව්‍යකරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් OPPO තම නිෂ්පාදන පෙළෙහි නව නිෂ්පාදන මාලාවක් වන 'Reno' වෙළෙඳපලට හඳුන්වා දෙයි. නිර්මාණශීලීත්වය උදෙසා නිර්මාණය කර ඇති OPPO Reno නිෂ්පාදන පෙළ, නොදුටු ලොව දකින්නටත් මෙන්ම තම සිතැඟි හඬ ගා පැවැසීමටත් දැඩි අශාවකින් සිටින නිර්මාණශීලී නව තරුණ්‍යය වෙනුවෙන්ම හඳුන්වාදී තිබේ.

OPPO හි නිර්මාණශීලි දැක්මෙහි මනා පිළිබිඹුව වන Reno, ඉදිරි දශකයේ ශ්‍රී ලංකාවේ ස්මාර්ට්ෆෝන් ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා උත්ප්‍රේරකය බවට පත්වනු ඇත. නව නිෂ්පාදන සංකල්පයට, හැඩයට සහ සන්නිවේදන අකෘතියට නව පණක් ලබා දෙමින් OPPO හි දර්ශනයට ගැලපෙන ලෙස I'm Reno සන්නාම ප්‍රවර්ධන වැඩසටහන දියත් වේ. OPPO හි නිර්මාණ ශක්තියේ ආස්වාදය ලබා දෙමින්, I'm Reno වැඩසටහනේ කොටසක් ලෙස ලොව පුරා සුප්‍රකට කලාකරුවන් රැසක් OPPO සමඟ එක්ව ඇත. ලොවපුරා පාරිභෝගිකයන් වෙනුවෙන් නිර්මාණය කළ නිෂ්පාදන පෙළක් ලෙස OPPO Reno, ලොව පුරා OPPO ක්‍රියාත්මක වන සියලු වෙළෙඳපලවලදී මිලදී ගැනීමට හැකි වනු ඇත. චීනයේදී සහ යුරෝපයේදී සිදු කරන ලද හඳුන්වාදීමේ අවස්ථාවලදී OPPO Reno ලද අති විශාල ධනාත්මක ප්‍රතිචාරවලින් අනතුරුව, Reno ශ්‍රී ලංකාවේ සිය සාර්ථකත්වය සනිටුවහන් කිරීමට සියලු කටයුතු සූදානම්ය.